19 හැවිරිදි යුවතියක් TikTok හි ‘ඩස්ටින්’ රැල්ලට බිලි වේ

TikTok සමාජ මාධ්‍ය ජාලයේ මේ දිනවල ප්‍රචලිත “ඩස්ටින්” නැමති භයානක ක්‍රියාවක් සිදු කිරීමට උත්සහ කළ ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ 19 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට පත් වුණා.

ඩස්ටින් නමින් හැඳින්වෙන්නේ නිවස හෝ පරිගණක පිරිසිදු කිරීමට ගනු ලබන විෂ සහිත රසායනික ද්‍රව්‍ය ආග්‍රහණය කිරීමේ භයානක ක්‍රීඩාවකි.

රෙනා ඕ’රෝර්ක් ද එම අභියෝගය ජය ගැනීමට උත්සහ කර තිබුණේ හුදු විනෝදය පිණිසය. සිය දියණිය අහිමි වන තුරු ඕ’රෝර්ක් පවුල මෙම ප්‍රවණතාව ගැන කිසිවක් දැන නොසිටි බව සඳහන්ය.

මෙම භයානක අත්හදාබැලීමෙන් පසු සතියකට ආසන්න කාල සීමාවක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමෙන් පසු ඇය මිය ගොස් තිබුණා. වෛද්‍ය පරීක්ෂණවලදී තහවුරු වුණේ ඇගේ මොළය මිය ගොස් ඇති බවයි.

මෙම ‘ඩස්ටින්’ යන මාරාන්තික අභියෝගය ‘chroming’ ලෙස ද හැඳින්වෙන අතර ටික්ටොක් හි ලයික් සහ අනුගාමිකයන් එකතු කර ගැනීම සඳහා සිදුකරනු ලබන ක්‍රියාවකි.

Latest News

More like this

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක ණය සහන පැකේජයක්… ණය ඩො. මිලියන 350යි, සහනය ඩො. මිලියන 100යි

'දිට්වා' සුළි කුණාටුවෙන් හානි සිදු වූ ප්‍රදේශ යළි ගොඩනැගීම...

පරාජය වුණේ අයවැය නෙවෙයි.. හෘද සාක්ෂිය.. කොළඹ පුරපතිනිය කියයි..

පරාජය වුණු කොළඹට මාළිමාවෙන් තවත් අයවැයක්? කොළඹ මහ නගර සභාවේ...

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...