රු මිලියන 700ක බදු පැහැර හැරි හිටපු ඇමති බිරිය අත් අඩංගුවට

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ගොනු කරන ලද දිගුකාලීන ආදායම් බදු පැහැර හැරීමේ නඩුවක් සම්බන්ධයෙන් නිකුත් කරන ලද විවෘත වරෙන්තුවක් මත කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ව්‍යාපාරික කාන්තාවක් සහ හිටපු රාජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්දගේ බිරිඳ වන කුෂානි නානායක්කාර අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කරන ලද නඩුවකට අනුව වසර ගණනාවක් පුරා රුපියල් මිලියන 700 කට වඩා ආදායම් බදු ගෙවීමට අපොහොසත් වීමේ චෝදනා මතයි ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඇය ග්‍රීන් ලංකා ට්‍රැවල්ස්, ග්‍රීන් සීඩ් ලංකා සහ ග්‍රීන් ශ්‍රී ලංකා ෂිපින් යන සමාගම්වල අධ්‍යක්ෂවරියකි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නැවත නැවතත් දැනුම් දී තිබියදීත් ඇය හිතාමතාම මෙම සමාගම් හරහා උපයන ලද ආදායම සඳහා බදු පැහැර හැර ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.

නිල දැනුම්දීම්වලට අනුකූල නොවීමෙන් පසු, දෙපාර්තමේන්තුව නීතිමය මෙම නීතිමය ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වූ බව සඳහන්. පසුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සිතාසි තුනක් නිකුත් කළද අධිකරණය ඉදිරියේ පෙනී නොසිටීම හේතුවෙන් විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබුණා.

මහේස්ත්‍රාත්වරයා මේ සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වෙත සෘජු නියෝගයක් නිකුත් කරමින් ඇය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.

Latest News

More like this

දිට්වා හානිය රු. කෝටි ලක්ෂයක් ඉක්මවයි…. ලෝක බැංකු වාර්තාව කියයි

දිට්වා සුළි කුණාටුවා හේතුවෙන් ඇති වූ ගංවතුර හා නාය...

ආර්ථිකය යළිත් කඩා වැටෙන බවට රනිල්ගේ අනාවැකිය හරි… IMF වාර්තාවක් තහවුරු කරයි

ශ්‍රී ලංකාවට ලබන වසරේ සියයට 4.2 ක සැලකිය යුතු...

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...