සංක්‍රමණික කැරැල්ල පාලනය කරන්න දහස් ගණනින් හමුදා බලඇණි ලොස් ඇන්ජලීස් වෙත..

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලොස් ඇන්ජලීස් වෙත තාවකාලිකව මැරීන් භටයින් 700 ක් පමණ යෙදවීමට නියෝග කර තිබෙනවා.

ඒ ඔහුගේ සංක්‍රමණික ප්‍රතිපත්තිවලට එරෙහිව මේ වන විට ඇති වී තිබෙන ප්‍රචණ්ඩකාරී විරෝධතාවයන් පාලනය කිරීම සඳහා ජාතික ආරක්ෂක භටයින්ට සහාය වීම සඳහාය.

විරෝධතා දක්වන සියලු දෙනාට පෙර නොවූ විරූ තරම් දැඩි ප්‍රහාර එල්ල කරන බව ට්‍රම්ප් පසුගිය දා ප්‍රකාශ කර තිබුණා.

සඳුදා ලොස් ඇන්ජලීස් හි විරෝධතාවල අඛණ්ඩ සිව්වන දිනය වූ අතර එහිදී සංක්‍රමණිකයන් රඳවා සිටින ෆෙඩරල් රැඳවුම් මධ්‍යස්ථානයක් ඉදිරිපිට සිය ගණනක් විරෝධතාකරුවන් රැස්ව සිටි බව වාර්තා වුණා.

ලොස් ඇන්ජලීස් නගරයේ විරෝධතාකරුවන්ට පොලිසිය ෆ්ලෑෂ් ග්‍රෙනේඩ් ප්‍රහාර එල්ල කළ අතර රබර් උණ්ඩවලින් වෙඩි තැබූ බව වාර්තා වෙනවා.

විරෝධතාකරුවන් මේ වන විට ජාතික ආරක්ෂක භටයින් සමඟ ගැටුම් ඇති කරගෙන තිබෙනවා. ඔවුන් කැරලි මර්දන උපකරණවලින් සැරසී සිටින ජාතික ආරක්ෂක භටයින්ට ‘Pig Go Home’ යනුවෙන් කෑගසමින් විරෝධතා එල්ල කරනු ලබනවා.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා කැරලි පනත ක්‍රියාත්මක කරනු ලබන තෙක් මැරීන් බලකායේ භටයින් නීතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතුවලට සහභාගි නොවනු ඇති බවයි වාර්තා වන්නේ.

එරට කැරලි පනත, සිවිල් නීතිය ක්‍රියාත්මක කිරීමේදී හමුදා භටයින්ට සෘජුවම ඊට සහභාගී වීමට ඉඩ කඩ සලසන්නකි.

ජාතික ආරක්ෂක භටයින් සහ මැරීන් භටයින් යෙදවීම අවහිර කරන ලෙස ඉල්ලා කැලිෆෝනියා ප්‍රාන්තය සඳුදා ට්‍රම්ප් පරිපාලනයට නඩු පැවරීමක් ද සිදු කළා.

ඒ ෆෙඩරල් නීතිය සහ රාජ්‍ය ස්වෛරීභාවය උල්ලංඝනය කරන බවට තර්ක කරමිනි.

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!