ටිල්වින් චීනයේ..

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු පිරිසක් මේ දිනවල චීන සංචාරයක නිරත වෙනවා.

ඔවුන් මෙම සංචාරයට එක් වී සිටින්නේ චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනායක් අනුවය.

එහිදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා සහ චීනයේ ජජියාන් පළාතේ ආණ්ඩුකාර ලියු ජියේ අතර හමුවක් ඊයේ (09) එම පළාත් ප්‍රධාන මහජන රුස්වීම් ශාලාවේ දි පැවැත්වුණා.

එම හමුවේදී ශ්‍රී ලංකාව සහ චීනය අතරත් ජනතා විමුක්ති පෙරමුණ සහ චීන කොමියුනිස්ට් පක්ෂය අතරත් පවතින දිගුකාලීන මිත්‍රත්වය පිළිබඳව විශේෂයෙන් සාකච්ඡාවට ලක්වූ බව සඳහන් වෙනවා.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට චිනයෙන් මෙන්ම ජජියාන් පළාතෙන් ලබාදීය හැකි ඉදිරි දායකත්වය පිළිබඳවත් මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා වූ බව සඳහන්ය.

ශ්‍රී ලංකාවේ පැවති දූෂිත පාලනය තන්ත්‍රය අවසන් කර ජනතා විමුක්ති පෙරමුණේ මූලිකත්වයෙන් පිහිටුවා ඇති ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් රට ආර්ථිකය සංවර්ධනය වේගයෙන් ඉදිරියට ගැනීමේ සැලසුමක් සහිතව ගමන් කරමින් සිටින බව එම හමුවේ දී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා විසින් අවධාරණය කර තිබෙනවා.

ප්‍රධාන ලේකම්වරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කර ඇත්‍තේ චීනයේ මෙන්ම ජජියාන් පළාතේ සහායද වර්ථමාන චීනය දක්වා චීනය පැමිණි ගමනේ දී චීන කොමියුනිස්ට් පක්ෂය ලද අත්දැකීම් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට තමන් බලාපොරොත්තු වන බවයි.

මෙම හමුව සඳහා තරුණ කටයුතු නියෝජ්‍ය ඇමති එරංග ගුණසේකර, ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර්, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ්.එම්. ජෙගදීශ්වරන්, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි දීප්ති වාසලගේ, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය විජේසිංහ ඇතුළු පිරිසක් එක්වී සිටිනවා.

Latest News

More like this

එළවළු මිල අසාමාන්‍ය ලෙස නඟී..

අධික වර්ෂාව නිසා පළාත් රැසක භෝග වගාවන් විශාල වශයෙන්...

දැන් වයසයිනේ… නාමල්ගෙන් මහින්දගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ප්‍රකාශයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසියේ කොළඹ පෞද්ගලික රෝහලකය...