අඩි 7500ක් ඉහළ සිට ගිනි තැබූ පැරෂුටයකින් වැඩිම වාරයක් බිමට පැන ටොම් කෲස් තැබූ ලෝක වාර්තාව

මේ වන විට ප්‍රදර්ශනය වෙමින් පවතින Mission Impossible Final Reckoning චිත්‍රපටයේ දී ටොම් කෲස් සිදු කළ Stunt ක්‍රියාවන් ඔහු ගිනස් වාර්තා පොතට එක් කර තිබෙනවා.

ඒ ගිනි ගන්නා පැරිශුටයකින් වැඩිම වාර ගණනක් පැන්න පළමු පුද්ගලයා ලෙසය.

මේ වන විට 62 හැවිරිදි වියේ පසුවන කෲස් රූගත කිරීම් අතරතුර ගිනි ගැනීමට සලස්වා තිබූ පැරෂුටයෙන් 16 වතාවක් බිමට පැන ඇති බව එම වාර්තාවල දැක්වෙනවා.

ගිනස් ලෝක වාර්තාවලට අනුව, වෙනත් කිසිදු නළුවෙකු හෝ ස්ටන්ට්කරුවකු ගිනිගන්නා පැරෂුටයකින් එවැනි වාර ගණනක් පැන ඇති බවට වාර්තාවක් නැහැ.

ඔහු මෙම ක්‍රියදාමය සිදු කරන්නේ අඩු 7,500 ඉහළට එසවූ හෙලිකොප්ටරයකිනි.

චිත්‍රපටයේ ගුවන් යානයකට මාරුවීම සහ එහි ගමන් කරන දර්ශන රූගත කිරීමේ අතිශය භයානක අවස්ථාවේ දී ටොම් කෲස් ආරක්ෂාව සඳහා පැරශුටයක් භාවිත නොකළ බවද සඳහන් වෙනවා.

Latest News

More like this

තාත්තා වගේම මමත් සම්මානවලට කැමතියි.. ඒත් මේක අම්මාට..

පසුගිය සතියේ පැවැත්වුණු NDTV Indian of the Year 2025...

වසර 15කට පසු අමීර් කරීනා සමඟ 3 Idiots-2 රූගත කෙරේ

2009 වසරේ දී ලෝකය පුරා ජනප්‍රිය වූ 3 Idiots...

සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් ලැබූ වසර මේ වසරයි… ජනපතිගෙනුත් සහයෝගය….

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින්...