පිරිමියෙකු මිනිත්තු පහකට වැළඳගන්න රු 2,000කටත් වඩා ගෙවන්න සුදානම් තරුණියෝ

ජිම් යන, එක්සයිස් කරන, ජවයෙන් පිරුණු, වැඩුණු මාංශ පේශී ඇති තරුණයෙක්ව විනාඩි පහකට වැළඳගන්න ඩොලර් හතකටත් (රු 2,100ක්) වඩා වියදම් කරන්න සූදානම් තරුණියන් ගැන මේ පුවත වාර්තා වන්නේ චීනයෙන්.

මෙය චීන සමාජ මාධ්‍යවල මේ වන කොට ට්‍රෙන්ඩ් එක්ක් බවට පත් වුණු සංසිද්ධියක්.

හුදෙකලාව, සම්බන්ධතා දුරස්වීම, කළකිරීම, වේදනාවෙන් හෙම්බත් වුණු තරුණියන් එයින් සැනසීමක් අපේක්ෂා කරන බවත් දැන් දැන් බොහෝ තරුණියන් එයට පෙළඹීම වැඩි වී ඇති බව සඳහන් ය.

වැළඳගැනීම සඳහා ඔවුන් සොයන පිරිමින් ‘පිරිමි මව්වරු’ ලෙස හැඳින්වෙන බවයි පැවසෙන්නේ.

තරුණියන් අපේක්ෂා කරන පිරිමි අම්මලා ජිම්වලට යාම අනිවාර්යය. ඔවුන්ගේ මාංශ පේශී හොඳින් වැඩී තිබිය යුතුය. ඒ වගේම ඔවුන් මෘදු විය යුතුය. ඉවසීම වැනි ලක්ෂණ ප්‍රගුණ කරතිබිය යුතුය.

චීන මාධ්‍ය වාර්තාවලට අනුව පිරිමි අම්මලාගේ සේවාදායකයින් අතර ආතතියෙන් පෙළෙන සිසුවියන්, වැඩ පීඩනයෙන් හෙම්බත් වුණු තරුණියන් මෙන්ම වැළඳගැනීමකින් සැනසීම සොයන තනිකඩ කාන්තාවන්ද සිටිනවා.

“මං ද්විතීයික පාසලේදී වරක් වැළඳ ගත්තා. ආරක්ෂිත හැඟීමක් දැනුණේ. ටනල් ට්‍රේන් ස්ටේෂන් එකේ තවත් මිනිත්තු පහක් වැළඳගත හැකියි” චීන යුවතියක් සමාජ මාධ්‍යවල දැමූ එම සටහන මොහොතකින් වෛරල් වී තිබුණා.

තවත් අය ඊට ප්‍රතිචාර දක්වමින් පිරිමි අම්මලාගේ සහයෝගය ලබා ගැනීමට පෙළඹී ඇතැයි වාර්තා වුණා.

ඔවුන් එම සෙවීම්වලදී ශරීර වර්ගය, පෙනුම, පුරුදු, ඉවසිම වැනි මනාපයන් පවා ලැයිස්තුගත කිරීමට කටයුතු කර තිබෙනවා.

වැළඳගැනීම් සාමාන්‍යයෙන් පොදු ස්ථානවල සිදුවන අතර එහි මිල ඩොලර් 3 සිට 7 දක්වා වන බවයි වාර්තා වන්නේ.

මෙම වැළඳ ගැනීමේ සංස්කෘතියට පිරිමින්ද බෙහෙවින් මනාප බව සඳහන් ය.

එක් පිරිමියෙකු මේවන විට වැළඳගැනීම් 34ක් ලබාදි ඩොලර් 240ක් උපයා ගත් බව පවසා තිබෙනවා.

චීනයේ මේවන විට ඉහළ යන මෙම ප්‍රවණතාවය අන්තර්ජාලය තුළ මතු කර ඇත්තේ පුළුල් විවාදයකි.

ආගන්තුකයෙකු වැළඳ ගැනීම සැබවින්ම සැනසීමක් විය හැකිදැයි ඊට එරෙහිව තර්ක කරන්නන් නඟන මුල්ම ප්‍රශ්ණය බවට පත් වී තිබෙනවා.

තවත් සමහරු ලිංගික හිරිහැර ආවරණයක් ලෙස මෙම ක්‍රියාව අනිසි ලෙස භාවිතා කළ හැකි බවට කනස්සල්ල පළ කර ඇති ආකාරයද දැකගත හැකියි.

Latest News

More like this

කොළඹත් එක නගරයක් විතරයි.. අයවැය පරාජය වීමෙන් ආණ්ඩුවට බලපෑමක් නෑ.

කොළඹ අයවැය පරාජය වීම ආණ්ඩුවේ ගමන් මඟට බලපෑමක් නොවන...

අයවැය පරාජය වුවද ජනවරම පරාජය වී නැහැ.. – බල්තසාර්

සති දෙකක් ඇතුළත අයවැය බලාත්මක කරනවා කොළඹ මහ නගර සභාවවේ...

ආණ්ඩුක්‍රම ව්‍යස්වස්ථා සභාව රජයේ ගමන අඩාල කිරීමට උත්සාහ කරනවා… නලින්ද චෝදනා කරයි

විගණකාධිපතිවරයා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නම් හතරක්...

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක ණය සහන පැකේජයක්… ණය ඩො. මිලියන 350යි, සහනය ඩො. මිලියන 100යි

'දිට්වා' සුළි කුණාටුවෙන් හානි සිදු වූ ප්‍රදේශ යළි ගොඩනැගීම...