වික්ටර් රත්නායකට 83 යි, හෂිනියට 40යි.
ප්‍රියංකා චොප්රාට 42යි, නික් ජෝනස්ට 32යි.
හැරීට 40යි, මේගන්ට 43යි.
ප්‍රංශ ජනාධිපති මැක්‍රෝන්ට 47යි, බ්‍රිජට්ට 72යි.
අයිශ්වර්යාට 51යි, අභිෂේක්ට 49යි.
සමිතාට 52යි, චිරන්තට 27යි..
මිනිස්සු ආදරේ කරන්නෙ කාලය, දීපය, කුලය, දේශය බලලා නෙවෙයි.
ඉලක්කමෙන් හැට පැනපු මිනිස්සුන්ටත් වයසින් ඉතාම අඩු මිනිස්සු ආකර්ශනය වෙනවා.
සමහර මිනිස්සු ළඟ වයස කියන්නෙ ඉලක්කමක් විතරයි.
සල්ලි, බලය, දැනුම, ජනප්‍රියකනම, පෞරුෂත්වය කියන දේවල් මිනිස්සු ගාවට පියඹලා එන්නෙ නෑ.
ඒව මිනිස්සු ගාවට එන්නෙ කාලෙත් එක්ක ඒ මිනිස්සු කරන සටනක් නිසා. කැපවීම් එක්ක.
එතකොට කාලය ගත වෙලා වයස ගෙවිලා ගිහින්… ඒක ඉසුරුට වගේම අපි හැමෝටම පොදු සත්‍යයක්.
ඉසුරුට පුළුවන් නම් 42 දී අපිට මොනවද බැරි කිව්වට හැමෝටම ඉසුරු කරන දේවල් කරන්න බෑ.
ඉසුරු කියන්නෙ එයා ජීවිත කාලෙම කැප කරපු දේවල්. වගා කරපු දේවල ප්‍රතිඵලයක්.
ඉතින් ඉසුරුට 42දී දේශානි කියලා ඉටු රූපයක් වගේ කෙල්ලෙක් මුණ ගැහුණට සෝෂල් මීඩියා එකේ ඒකට හිනා වෙවී ඉන්න අපටත් එහෙම ලැබේවි කියල හිතන්න එපා.
කීබෝර්ඩ් වීරයින් වුණු සමහරුන්ට ඉසුරු අවුරුදු ගාණක් කැප කිරීම් කරලා අවුරුදු 42 දී ළඟා කරගත්තු දේවල් ළඟට කිට්ටු වෙන්නවත් බැරිව්වෙවි.
අඩුම අපි දන්නෙ නෑ උන් දෙන්න ආදරේ කරනවද මොකක් හරි දේකට කැම්පේන් කරනවද මාකටින් ද මොන අලගෙඩියක්ද කියන්නවත්..
ඒත් මනුස්සයෙක්ගේ වයස අල්ලගෙන ඒ මනුස්සයට මඩ ගහන එක තරම් තවත් කැත වැඩක් නැතුව ඇති. ඒ මනුස්සයට වැරදුණු තැන් ඇති. අතීතය අවුල් ඇති.
ඒත් ආයේ නැගිටින්න, ජිවත් වෙන්න, වැරදි හදාගන්න, හුස්ම ගන්න, ආදරය කරන්න බැරි තරම් වැරැද්දක් කරපු කිසිම මනුස්සයෙක් මේ ලෝකෙ ඉන්න විදියක් නැහැ.
එහෙම බලනකොට ඉසුරු මොකක්ද කරලා තියෙන වැරැද්ද…?