රනිල් අද සීඅයිඩීයට පැමිණෙයි

අට වැනි විධායක ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට අද (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතය.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම්දීමකට අනුව ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කළ පැමිණිල්ලකට අදාළව කටඋත්තරයක් ලබාදීම සඳහාය.

මෙරටට ඖෂධ ගෙන්වීමට අදාළව කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණු අතර එම පැමිණිල්ලට අදාළව කෙරෙන පරීක්ෂණ සඳහා පසුගිය රජයේ මැති ඇමැතිවරුන්ද මේ වන විට ප‍්‍රකාශ ලබා දී තිබෙනවා..

ඉතිහාසයේ පළමුවරට කැබිනට් ඇමැතිවරයකු සිර භාරයට පත් වූයේ රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දරන වකවානුවේදීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසන්නේ කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීමට අදාළව රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ප‍්‍රකාශයක් ලබා ගන්නා බවයි.

Latest News

More like this

එළවළු මිල අසාමාන්‍ය ලෙස නඟී..

අධික වර්ෂාව නිසා පළාත් රැසක භෝග වගාවන් විශාල වශයෙන්...

දැන් වයසයිනේ… නාමල්ගෙන් මහින්දගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ප්‍රකාශයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසියේ කොළඹ පෞද්ගලික රෝහලකය...