ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයන් 7,000 ට ආසන්න වේ

පසුගිය පැය 24 තුළ ඉන්දියාවේ කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 7,000 සීමාවට ආසන්න වී ඇති බව එරට සෞඛ්‍ය බලධාරීන් තහවුරු කර තිබෙනවා. මෙය රෝගීන්ගේ තියුණු වැඩිවීමක් පෙන්නුම් කරන්නක් වන අතර ජුනි 11 වන දින පෙ.ව. 8 වන විට ඉන්දියාවේ ක්‍රියාකාරී රෝගීන් 6,815 ක් වාර්තා වී ඇති බවයි වාර්තාවල දැක්වෙන්නේ.

දිල්ලි, කේරළ සහ ජාර්කන්ඩ් හි නව රෝගීන් රෝගීන් 324 ක් සහ මරණ තුනක් වාර්තා වී තිබෙනවා. කොවිඩ්-19 රෝගීන්ගේ වර්තමාන වැඩිවීමට හේතුව LF.7, XFG, JN.1 සහ NB.1.8.1 උපප්‍රභේද ඇතුළු ඔමික්‍රෝන් වෛරසයේ නව ප්‍රභේදයන් කිහිපයක් උත්සන්න වීමයි.

නව වසංගතයෙන් වැඩිම බලපෑම එල්ලවූ ප‍්‍රාන්තය බවට කේරළය පත්වෙද්දි මහාරාෂ්ට‍්‍ර, කර්ණාටක, ගුජරාට්, දිල්ලි, බටහිර බෙංගාලය, උත්තර් ප‍්‍රදේශ්, තමිල්නාඩු සහ හර්යානා යන ප‍්‍රාන්තවල ක‍්‍රියාකාරී රෝගීන් සංඛ්‍යාව පිළිවෙළින් ඉහළ ගොස් ඇති බව ද වාර්තා වෙනවා.

එමෙන්ම පසුගිය ජනවාරි 1 වැනිදා සිට මේ දක්වා කොවිඞ් රෝගය හේතුවෙන් මරණ 65 ක් ඉන්දියාවෙන් වාර්තා වුණා. උත්තර් ප‍්‍රදේශ්, බටහිර බෙංගාලය, තමිල්නාඩු, පන්ජාබ්, මහාරාෂ්ට‍්‍ර, මධ්‍ය ප‍්‍රදේශ්, කේරළ, කර්නාටක, ගුජරාට් සහ දිල්ලි යන ප‍්‍රාන්තවලින් මෙම මරණ වාර්තා වී තිබුණා.

Latest News

More like this

හොරණ මාළිමා මන්ත්‍රීවරු කාල තරණය කර අයවැය සම්මත කර ගනී..

විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකුගේ සහභාගීත්වයෙන් තොරව හොරණ නගර සභාවේ අයවැය...

දිට්වා හානිය රු. කෝටි ලක්ෂයක් ඉක්මවයි…. ලෝක බැංකු වාර්තාව කියයි

දිට්වා සුළි කුණාටුවා හේතුවෙන් ඇති වූ ගංවතුර හා නාය...