ලොස් ඇන්ජලීස් නගරයට හදිසි තත්ත්වයක්… ඇඳිරි නීතිය පනවයි

සංක්‍රමණික වැටලීම්වලට එරෙහි විරෝධතා හා විනාශකාරී ක්‍රියා දිගටම පැවතීම හේතුවෙන් ලොස් ඇන්ජලීස් නගරාධිපති කැරන් බාස් (Karen Bass) අඟහරුවාදා (ජුනි 10) එක්සත් ජනපදයේ දෙවන විශාලතම නගරයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් රාත්‍රී ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කරනු ලැබුවා.

මෙම නියෝගය දෙනු ලැබුවේ ට්‍රම්ප් පරිපාලනය ලොස් ඇන්ජලීස් හි ජාතික ආරක්ෂකයින් සහ මැරීන් භටයින් දහස් ගණනක් යෙදවීමට ගත් තීරණය අවහිර කිරීම සඳහා වහාම තහනම් නියෝගයක් ඉල්ලා කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සම් කළ ඉල්ලීම ෆෙඩරල් විනිසුරුවරයෙකු ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුවය.

උතුරු කැරොලිනාවේ ෆෝර්ට් බ්‍රැග් හමුදා කඳවුරේදී මේ පිළිබඳ අදහස් දක්වමින් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අඟහරුවාදා කියා සිටියේ විදේශීය ධජ රැගත් ලොස් ඇන්ජලීස් හි කැරලිකරුවන් “විදේශීය ආක්‍රමණයක” කොටසක් බවයි.

සංක්‍රමණික වැටලීම් මගින් ඇති කරන ලද විරෝධතාවලින් පසුව ඔහු නගරය “නිදහස්” කරන බව එහිදී දිවුරා ප්‍රකාශ කළා.

මෙය කැලිෆෝනියාවේ මහජන සාමයට, ජාතික ස්වෛරීත්වයට එල්ල කරනු ලැබූ මරු පහරක් ලෙසයි ට්‍රම්ප් පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් කැලිෆෝනියාවේ ආණ්ඩුකාරවරයා මෙම තත්ත්වය තුළ ට්‍රම්ප් කටයුතු කරන ආකාරය විවේචය කරමින් ට්‍රම්ප්ගේ හැසිරීම ජනාධිපතිවරයෙකුට නොව ඒකාධිපතිවරයෙකුට සුදුසු බව ප්‍රකාශ කර තිබෙනවා.

Latest News

More like this

කොළඹත් එක නගරයක් විතරයි.. අයවැය පරාජය වීමෙන් ආණ්ඩුවට බලපෑමක් නෑ.

කොළඹ අයවැය පරාජය වීම ආණ්ඩුවේ ගමන් මඟට බලපෑමක් නොවන...

අයවැය පරාජය වුවද ජනවරම පරාජය වී නැහැ.. – බල්තසාර්

සති දෙකක් ඇතුළත අයවැය බලාත්මක කරනවා කොළඹ මහ නගර සභාවවේ...

ආණ්ඩුක්‍රම ව්‍යස්වස්ථා සභාව රජයේ ගමන අඩාල කිරීමට උත්සාහ කරනවා… නලින්ද චෝදනා කරයි

විගණකාධිපතිවරයා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නම් හතරක්...

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක ණය සහන පැකේජයක්… ණය ඩො. මිලියන 350යි, සහනය ඩො. මිලියන 100යි

'දිට්වා' සුළි කුණාටුවෙන් හානි සිදු වූ ප්‍රදේශ යළි ගොඩනැගීම...