රසිකයින් අමන්දානන්දයට පත් කරමින් BTS සාමාජිකයන් හයක් අනිවාර්ය හමුදා සේවයෙන් නිදහස් වෙයි

ලෝකය පුරා විසිරී සිටින බිලියන ගණනක් වන BTS රසිකයින් අමන්දානන්දය පත් කරමින් ඊයේ (ජුනි 10) එහි යාවජීව තවත් සාමාජිකයන් දෙදෙනෙකු ඔවුන්ගේ අනිවාර්ය යුධ හමුදා සේවයෙන් නිදහස් කෙරුණා.

ජිමින් සහ ජන්ග්කුක් නිදහස් කරන ලද හමුදා කඳවුරු දෙක අසල මාධ්‍ය හමුවක් පැවති ස්ථානයට රසිකයන් දහසකට වැඩි පිරිසක් රැස්ව සිටියා. මිලියන සංඛ්‍යාත රසිකයින් ප්‍රමාණයක් අන්තර්ජාලය ඔස්සේද සජීවිව එක් වී සිටි අතර ඇතැම් විකාශයන්ට චන්ද්‍රිකා බාධා එල්ල වූ බව වාර්තා වෙනවා.

Jikook ලෙස රසිකයන් ආදරයෙන් හඳුන්වන යුවළගේ ඡායාරූප අන්තර්ජාලය හරහා පළ වූ මොහොතේම සමාජ මාධ්‍ය වේදිකා උද්යෝගයෙන් පුපුරා ගොස් තිබුණා.

ඔවුන් රසිකයින් අමතන විට නැඟුනු ඔල්වරසන්, ප්‍රීති ඝෝෂා මධ්‍යයේ ඔවුන්ගේ හඬ යටපත් වී ගිය බව නිසැකය. හමුදා ජීවිතය ලෙහෙසි එකක් නොවන බව ඔවුන් මාධ්‍ය හමුවේදී කියා සිටියා. “ඔබ සොල්දාදුවකු පහු කර ගියොත් කරුණාවේ කුඩා වචනයක් පවා ඔවුන්ට ලෝකයක් බව සලකන්න”

“මෙච්චර කාලයක් අපි වෙනුවෙන් බලා සිටියාට ස්තූතියි. දැන් අපි හැමදාම හිතාගෙන හිටපු චිත්‍රය අඳින්න කාලය ඇවිල්ලා.” යැ‍යි ඔවුන් සඳහන් කළා.

ඔවුන් දෙදෙනා සමඟ මේ වන සමාජිකයන් 6 දෙනෙකු ඔවුන්ගේ අනිවාර්ය යුධ සේවය මේ වන විට අවසන් කර තිබෙනවා. RM සහ V මාස 18කට පසු ඔවුන්ගේ අනිවාර්ය සේවයෙන් නිදහස් වුණේ ඊයේ දිනයේය. අවසාන සාමාජිකයා ලෙස සුගා ද ඔහුගේ අනිවාර්ය රාජකාරී ලබන සතියේ අවසන් කිරීමට නියමිතය.

Latest News

More like this

තාත්තා වගේම මමත් සම්මානවලට කැමතියි.. ඒත් මේක අම්මාට..

පසුගිය සතියේ පැවැත්වුණු NDTV Indian of the Year 2025...

වසර 15කට පසු අමීර් කරීනා සමඟ 3 Idiots-2 රූගත කෙරේ

2009 වසරේ දී ලෝකය පුරා ජනප්‍රිය වූ 3 Idiots...

සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් ලැබූ වසර මේ වසරයි… ජනපතිගෙනුත් සහයෝගය….

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින්...