බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැරදිකරුවන් අනීතිකව නිදහස් කරන තැන් බවට පත් වෙලා

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සමහර සිරකරුවන් නීති විරෝධී ලෙස නිදහස් කර ඇති අතර තවත් රජයේ ආයතන ගණනාවක එවැනි අවභාවිතයන් සිදුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඊයේ (10) මිහින්තලේ ජාතික පොසොන් උත්සවය අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ බිඳ වැටුණු රාජ්‍ය ආයතන පද්ධතිය බෞද්ධ දර්ශන්යේ මඟ පෙන්වීම ලබ ගනිමින් ගොඩනඟන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…

“ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යුහය අද බිඳ වැටී තිබෙනවා. පොලිසියේ සමහර සාමාජිකයින් අපරාධකරුවන් ආරක්ෂා කරන තත්ත්වයට පත්වෙලා. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් නීති විරෝධී ලෙස සංචාරක ලියකියවිලි නිකුත් කරන තැනට පත්වෙලා. පාතාල නායකයින්ට විදේශ ගමන් බලපත්‍ර ලබා දී තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරීන් නීති විරෝධී ලෙස සිරකරුවන් නිදහස ලබා දී තිබෙනවා. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ පවා සමහර නිලධාරීන් නීති විරෝධී වැඩ කර තිබෙනවා.මේ ආයතන දෙස පුරවැසියන් බලා සිටින්නේ සතුටුදායක මානසිකත්වයකින් නෙවෙයි.එම නිසා පුරවැසියාගේ පුරවැසි වගකීම වර්ධනය කිරීම සඳහා ශිෂ්ට සම්පන්නභාවය රැගෙන ආ යුතුයි. ඒ සඳහා බෞද්ධ දර්ශනය තුළින් මඟ පෙන්වීම ලබා ගත යුතුයි.”

Latest News

More like this

අධිවේගයේ බස් රථවල මගීන්ට ආසන බඳ පටි පැළඳීම අනිවාර්ය කෙරේ

එළැඹෙන සැප්තැම්බර් මාසයේ මුල සිට අධිවේගී මාර්ගවල ධාවනය වන...

යෝජිත විදුලි පනත සම්මතයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් හා ජනමත විචාරණයක් අවශ්‍යයි

යෝජිත විදුලි බල පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට...

එජා මානව හිමිකම් මහ කොමසාරිස්ට වැරදීමක්.. සමලිංගික විවාහ නීති ගත කරන පනත් කෙටුම්පතක් ගෙනත් නැහැ..

ශ්‍රී ලංකාවේ සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා පනත් කෙටුම්පතක්...

චීන වවුලගෙන් පැතිරෙන බ්‍රෑන්ඩ් නිව් වෛරස 20ක් සොයාගනී

චීනයේ වවුලන්ගේ වකුගඩු ආශ්‍රිතව කරනු ලැබූ පර්යේෂණයකින් මිනිසුන්ට ආසාදනය...
error: Content is protected !!