කොල්ලෙක් වගේ ජීවත්වීමට අවශ්‍ය බව පවසා පාසල් දැරියක් සියදිවි නසාගෙන..

14 හැවිරිදි පාසල් දැරියක් ඊයේ (28) තම මවට ‘‘කොල්ලෙක් වගේ ජීවත් වෙන්න ඕන…’’ යනුවෙන් ලිපියක් ලියා ගෙල වැළලාගෙන මියගොස් ඇති බව කඳාන පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ කඳාන උතුරු බටගම පදිංචි නවවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි පාසල් දැරියක බව පොලිසිය සඳහන් කරයි.

තම මවට ලියා ඇති ලිපියේ සඳහන් කර ඇත්තේ තමන් ගැහැනු ළමයෙකු වීම ගැන හැම මොහොතකම අධික කනගාටුවකින් පසුවන බවයි. තමන්ට ජීවත් වීමට අවශ්‍ය කරන්නේ පිරිමි ළමයෙකු ලෙස බවත් එහි සඳහන් කර ඇතැයි වැඩිදුර සිදුකරන ලද විමර්ශන කටයුතුවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.

ඒ අතරම රූපවාහිනියේ මෑතකදී විකාශනය වුණ කොරියන් ටෙලි නාට්‍යයක එක්තරා පිරිමි නළුවෙකුට තමා බෙහෙවින් ඇලුම් කරන බවද ඇගේ ලිපියේ සඳහන්ව ඇති බව විමර්ශන කටයුතුවලදී අනාවරණය වූ බවද පොලිසිය ප‍්‍රකාශ කරයි.

Latest News

More like this

දේශපාලන වෙනසක් ගැන රනිල් ඉඟි කරයි..

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා යම් දේශපාලන පෙරළියකට සුදානම්...

2026 සිංහල අලුත් අවුරුද්ද වන විට ආර්ථිකය කඩාගෙන වැටෙනවා.. රනිල්ගෙන් පුරෝකථනයක්

2026 සිංහල අලුත් අවුරුද්ද වන විට ශ්‍රී ලංකාව ආර්ථික...

දිගටම මාව විවේචනය කරන්න.. මම රටටම හුස්ම පිඹින එක නතර කරන්නේ නැහැ.. විපක්ෂ නායක සජිත්

විවිධ පුද්ගලයන් විවිධ ආකාරයට මේ ක්‍රියාවලිය නිර්වචනය කළත් මේ...

දිවයින පුරා පොලිස් ස්ථානවල බැලුන් හිඟයක්… සපුගස්කන්දෙත් තිබිලා නෑ

දිවයිනේ බොහෝ පොලිස් ස්ථානවල මත්පැන් පානය කළ බීමත් රියැදුරන්...