විවාහ නොවී ලිංගික සම්බන්ධතා පැවැත්වූ ජෝඩුවකට වේවැල් පහර 100 බැගින් වූ දඬුවමක්

දැඩි ඉස්ලාමීය නීතිය යටතේ ක්‍රියාත්මක වන ඉන්දුනීසියාවේ අධිකරණයක් විසින් විවාහයෙන් පිටත ලිංගිකව හැසිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ කාන්තාවකට සහ පිරිමි පුද්ගලයෙකුට වේවැල් පහර 100 බැගින් ලබා දී තිබෙනවා.

ඉන්දුනීසියාවේ අචේ පළාතේ අවිවාහක යුවළකට මෙම දඬුවම නියම කර තිබුණා.

අවිවාහකයින් අතර ලිංගික සම්බන්ධතා අචේහි තහනම් කර ඇති අතර, එය ඉස්ලාමීය නීති සංග්‍රහය වන ෂරියා නීතිය අනුව යමින් සිදු කරන්නක් බවයි වාර්තා වන්නේ.

2022 දී ඉන්දුනීසියාව එහි නවතම අපරාධ සංග්‍රහයේ විවාහයෙන් පිටත ලිංගිකව හැසිරීම තහනම් කළ නමුත් එම නීතිය 2026 වන තෙක් බලාත්මක කෙරුණේ නැහැ.

පළාත් අගනුවර වන බන්ඩා ආචේ හි උද්‍යානයක කුඩා පිරිසක් බලා සිටියදී, දෙදෙනාට වේවැල් පහර ලබා දී තිබුණා.

විදෙස්ම මාධ්‍ය වාර්තාවලට අනුව සැකකාරියට පහර දී ඇත්තේ කාන්තාවක් විසිනි.

සූදු සහ මත්පැන් පානය කිරීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් තිදෙනෙකුට 49 වතාවක් වේවැල් පහර දුන් බවද සඳහන් ය.

කාම මිථ්‍යාචාරය, මත්පැන් පානය මෙන්ම ඔන්ලයින් සූදු කරුවන්ට එරෙහිව කස පහර ක්‍රියාත්මක කරන බව එරට බලධාරීන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණා.

Latest News

More like this

කොළඹත් එක නගරයක් විතරයි.. අයවැය පරාජය වීමෙන් ආණ්ඩුවට බලපෑමක් නෑ.

කොළඹ අයවැය පරාජය වීම ආණ්ඩුවේ ගමන් මඟට බලපෑමක් නොවන...

අයවැය පරාජය වුවද ජනවරම පරාජය වී නැහැ.. – බල්තසාර්

සති දෙකක් ඇතුළත අයවැය බලාත්මක කරනවා කොළඹ මහ නගර සභාවවේ...

ආණ්ඩුක්‍රම ව්‍යස්වස්ථා සභාව රජයේ ගමන අඩාල කිරීමට උත්සාහ කරනවා… නලින්ද චෝදනා කරයි

විගණකාධිපතිවරයා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නම් හතරක්...

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක ණය සහන පැකේජයක්… ණය ඩො. මිලියන 350යි, සහනය ඩො. මිලියන 100යි

'දිට්වා' සුළි කුණාටුවෙන් හානි සිදු වූ ප්‍රදේශ යළි ගොඩනැගීම...