ගැහැණුන්ට බීච් හා පිහිනුම් තටාකවලට ඩ්‍රෙස් කෝඩ් එකක් නියම කළ රටක්

පසුගිය දෙසැම්බරයේ ඒකාධිපති බෂාර් අල්-අසාද්ගේ පාලනය පෙරලා දමා සිරියාවේ බලය අත්පත් කරගත් ඉස්ලාමීය කැරලිකරුවන්ගේ නායකත්වය පොදු වෙරළ තීරයන්හි හා නාන තටාක කාන්තාවන්ට නිල ඇඳුමක් හඳුන්වා දී තිබෙනවා.

නව නීතිය අනුව කාන්තාවන් වෙරළ තීරයන්හි දී අත් පා මුහුණ පමණක් නිරාවරණය වන පරිදි මුළු සිරුරම ආවරණය වන පිහිනුම් ඇඳුම් ඇඳිය යුතුය.

සංචාරක අමාත්‍යාංශය මෙම නියෝග නිකුත් කරමින් පවසා ඇත්තේ නව මාර්ගෝපදේශ “මහජන අවශ්‍යතා” වෙනුවෙන් සකස් කර ඇති බවයි.

පොදු වෙරළ තීර, පිහිනුම් තටාක වෙත පැමිණෙන සියලුම දෙස් විදෙස් සංචාරකයින් මෙම නියෝග පිළිපැදීම අවශ්‍ය බවයි ඔවුන් දන්වා ඇත්තේ.

වෙරළ සහ අනෙකුත් ස්ථාන අතර ගමන් කරන විට, පිහිනුම් ඇඳුම් මත ෂෝල් එකක් හෝ ලිහිල් ගැළපෙන රඳවනයක් පැළඳීම අනිවාර්ය කර ඇති බව එම නියෝගයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

පිහිනුම් ප්‍රදේශ, හෝටල් ලොබි සහ ආහාර සේවා පිටත පොදු ප්‍රදේශවලින් ගැනීමේදී පිරිමින්ට උඩුකය නිරාවරණය තහනම් කර තිබීමද විශේෂත්වයකි.

වෙරළ, පිහිනුම් තටාකවල හා පිටත පොදු ප්‍රදේශවල, උරහිස් සහ දණහිස් අනාවරණය වන පරිදි ලිහිල් ඇඳුම් ඇඳීම, විනිවිද පෙනෙන හෝ ඕනෑවට වඩා තද ඇඳුම් ඇඳීමෙන් වැළකී සිටීම වඩාත් සුදුසු බවද දන්වා තිබෙනවා.

කෙසේ වෙතත්, ජාත්‍යන්තර සහ තරු හතර ලෙස වර්ගීකරණය කර ඇති නිවාඩු නිකේතන සහ හෝටල්වල සහ පෞද්ගලික වෙරළ සහ පිහිනුම් තටාකවල “සාමාන්‍ය බටහිර” පිහිනුම් ඇඳුම් සඳහා අවසර දී ඇති බවයි පැවසෙන්නේ.

මාර්ගෝපදේශ අනුගමනය නොකරන පුද්ගලයින්ට කුමන ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවේද යන්න පැහැදිලි කර නැහැ.

නමුත් “ජීවිතාරක්ෂකයින් සහ වෙරළ අධීක්ෂකවරුන්” අනුකූලතාවය සහතික කිරීම සඳහා ජනතාව නිරීක්ෂණය කරනු ඇති බවයි වාර්තා වන්නේ.

Latest News

More like this

කොළඹත් එක නගරයක් විතරයි.. අයවැය පරාජය වීමෙන් ආණ්ඩුවට බලපෑමක් නෑ.

කොළඹ අයවැය පරාජය වීම ආණ්ඩුවේ ගමන් මඟට බලපෑමක් නොවන...

අයවැය පරාජය වුවද ජනවරම පරාජය වී නැහැ.. – බල්තසාර්

සති දෙකක් ඇතුළත අයවැය බලාත්මක කරනවා කොළඹ මහ නගර සභාවවේ...

ආණ්ඩුක්‍රම ව්‍යස්වස්ථා සභාව රජයේ ගමන අඩාල කිරීමට උත්සාහ කරනවා… නලින්ද චෝදනා කරයි

විගණකාධිපතිවරයා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නම් හතරක්...

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක ණය සහන පැකේජයක්… ණය ඩො. මිලියන 350යි, සහනය ඩො. මිලියන 100යි

'දිට්වා' සුළි කුණාටුවෙන් හානි සිදු වූ ප්‍රදේශ යළි ගොඩනැගීම...