ජනපති අනුරට ජර්මනියේ දී ඉහළම රාජ්‍ය ගෞරවය සහිත පිළිගැනීමක්

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (11) ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් (Frank-Walter Steinmeier) විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබුවා.

බර්ලිනයේ බෙල්වීව් මන්දිරය (Bellevue Palace) වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට රජය විසින් පිළිගනු ලැබුවේ ජර්මානු සන්නද්ධ හමුදාවන් විසින් පිරිනමන ලද චාරිත්‍රානුකූල ගෞරවාචාරයක් ඇතුළුව පූර්ණ රාජ්‍ය ගෞරව සහිතවයි. ජනාධිපතිවරයා හමුදා පෙළපාළිය නිරීක්ෂණය කිරීමට ද සහභාගී වුණා.

නිල පිළිගැනීමේ උත්සවයෙන් පසුව ජනාධිපති දිසානායක මහතා සහ ජනාධිපති ස්ටයින්මියර් මහතා අතර ද්විපාර්ශවික සාකච්ඡාවක් සිදු කෙරුණා.

එහිදී දෙරට අතර ආර්ථික හා ජාත්‍යන්තර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණ අතර, වෘත්තීය පුහුණු සහ සංචාරක කර්මාන්තය යන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව වර්ධනය කෙරෙහි විශේෂ අවධානය යොමු වූ බවයි වාර්තා වන්නේ.

Latest News

More like this

එළවළු මිල අසාමාන්‍ය ලෙස නඟී..

අධික වර්ෂාව නිසා පළාත් රැසක භෝග වගාවන් විශාල වශයෙන්...

දැන් වයසයිනේ… නාමල්ගෙන් මහින්දගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ප්‍රකාශයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසියේ කොළඹ පෞද්ගලික රෝහලකය...