ජනපති සමාව නොමැති තවත් තිදෙනෙක් අනුරාධපුර බන්ධනාගාරයෙන් නිදහස් කරලා..

අනීතික ලෙස බන්ධනාගාරගත සිරකරුවන් නිදහස් කිරීම සහ ඊට ජනපතිගේ අනුදැනුමකින් තොරව ජනපති සමාව යොදා ගැනීම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්ත්වයක් මතු වූ ඇති මොහොතක ඊයේ (ජුනි 11) තවත් සුවිශේෂී අනාවරණයක් සිදු වුණා.

ඒ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි වෙත අනාවරණය කරනු ලැබූ තීරණාත්මක කරුණු කිහිපයක් ඔස්සේය.

නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය වෙත දැනුම් දෙනු ලැබුවේ ජනපති පොදු සමා අනුමැතිය නොමැතිව අනුරාධපුර බන්ධනාගාරයේ තවත් සිරකරුවන් තිදෙනෙකු අනීතික ලෙස නිදහස කර ඇති බවට මේ වන විට සිදුකළ තිබෙන විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.

සිරකරුවන් අනීතික ලෙස නිදහස් කර හැරීමේ සිද්ධියට අදාල විශ්මජනක කරුණු රැසක් ඉදිරියේදී අනාවරණය වීමට නියමිතව ඇති බව ද ඔහු අධිකරණය හමුවේ අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

සොලිස්ටර් ජනරාල්වරයා මේ බව සඳහන් කළේ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි මූල්‍ය වංචා සිද්ධියකට සම්බන්ධ සිරකරුවෙකු ජනපති පොදු සමාව අවභාවිත කරමින් නීති විරෝධී ආකාරයෙන් නිදහස් කර ඇතැයි කියන සිද්ධියට සම්බන්ධ නඩුව ඊයේ අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේදීය.

මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වැඩ තහනමට ලක්ව සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය බන්ධනාගාර නිලධාරීන් විසින් ඊයේ පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කළ අතර නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ට ජනරාල් දිලීප පීරිස් අධිකරණයට දැක්වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය ඔහු මෙම මස 25 වන දා දක්වා තවදුරට ත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කර තිබෙනවා.

Latest News

More like this

අධිවේගයේ බස් රථවල මගීන්ට ආසන බඳ පටි පැළඳීම අනිවාර්ය කෙරේ

එළැඹෙන සැප්තැම්බර් මාසයේ මුල සිට අධිවේගී මාර්ගවල ධාවනය වන...

යෝජිත විදුලි පනත සම්මතයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් හා ජනමත විචාරණයක් අවශ්‍යයි

යෝජිත විදුලි බල පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට...

එජා මානව හිමිකම් මහ කොමසාරිස්ට වැරදීමක්.. සමලිංගික විවාහ නීති ගත කරන පනත් කෙටුම්පතක් ගෙනත් නැහැ..

ශ්‍රී ලංකාවේ සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා පනත් කෙටුම්පතක්...

චීන වවුලගෙන් පැතිරෙන බ්‍රෑන්ඩ් නිව් වෛරස 20ක් සොයාගනී

චීනයේ වවුලන්ගේ වකුගඩු ආශ්‍රිතව කරනු ලැබූ පර්යේෂණයකින් මිනිසුන්ට ආසාදනය...
error: Content is protected !!