කත්‍රිනා මාලදිවයිනේ ගෝලීය සන්නාම තානාපතිනිය ලෙස පත් වේ

මාලදිවයින ඔවුන්ගේ ගෝලීය සන්නාම තානාපතිනිය ලෙස බොලිවුඩ් නිළි කත්‍රිනා කයිෆ් නම් කර තිබෙනවා.

Visit Maldives ලෙස හැඳින්වෙන මාලදිවයිනේ අලෙවිකරණ සහ මහජන සම්බන්ධතා සංස්ථාව (MMPRC) මේ බව නිල වශයෙන් නිවේදනය කර ඇති බව සඳහන්ය. ඉදිරි සංචාරක සමයේදී ජාත්‍යන්තර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගැනීම හා මාලදිවයිනේ ගිම්හාන අලෙවි ව්‍යාපෘතියට සමගාමීව මෙම තනතුර ප්‍රධානය කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙය සුඛෝපභෝගී සංචාරක ගමනාන්තයක් ලෙස එහි ගෝලීය ප්‍රතිරූපය ශක්තිමත් කිරීම සඳහා මාලදිවයිනේ අඛණ්ඩ උත්සාහයේ කොටසකි.

මාලදිවයින ඉන්දියානු සංචාරකයින් අතරද ජනප්‍රිය සංචාරක කේන්ද්‍රස්ථානයකි. බොලිවුඩ් කීර්තිමත් පුද්ගලයින්ගේ වර්ධනය වන ගෝලීය ආකර්ෂණය යොදාගනිමින් සංචාරක ක්ෂේත්‍රයට පුළුල් අවධානයක් ලබා ගැනීමට මාලදිවයින පියවර ගෙන තිබෙනවා.

ඒ සඳහා කත්‍රිනා කයිෆ්ගේ ගෝලීය ජනප්‍රියතාව විවිධ ජාත්‍යන්තර ප්‍රේක්ෂකයින් වෙත මාලදිවයින රැගෙන යාම සඳහා උපායමාර්ගයක්ලෙස භාවිත කිරීමට නියමිතය.

Latest News

More like this

කොළඹත් එක නගරයක් විතරයි.. අයවැය පරාජය වීමෙන් ආණ්ඩුවට බලපෑමක් නෑ.

කොළඹ අයවැය පරාජය වීම ආණ්ඩුවේ ගමන් මඟට බලපෑමක් නොවන...

අයවැය පරාජය වුවද ජනවරම පරාජය වී නැහැ.. – බල්තසාර්

සති දෙකක් ඇතුළත අයවැය බලාත්මක කරනවා කොළඹ මහ නගර සභාවවේ...

ආණ්ඩුක්‍රම ව්‍යස්වස්ථා සභාව රජයේ ගමන අඩාල කිරීමට උත්සාහ කරනවා… නලින්ද චෝදනා කරයි

විගණකාධිපතිවරයා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නම් හතරක්...

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක ණය සහන පැකේජයක්… ණය ඩො. මිලියන 350යි, සහනය ඩො. මිලියන 100යි

'දිට්වා' සුළි කුණාටුවෙන් හානි සිදු වූ ප්‍රදේශ යළි ගොඩනැගීම...