ඉන්දියාවේ ගුවන් අනතුරින් දිවි අහිමි වූ ලාබාල ගුවන් සේවිකාවන් දෙදෙනා

ලෝකයම කම්පාවට පත් කරමින් බ්‍රහස්පතින්දා ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අහලාම්බාද් ගුවන් අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අය අතර එහි කාර්ය මණ්ඩලයේ ලබාල ගුවන් සේවිකාවන් දෙදෙනෙකු පිළිබඳ තොරතුරු ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔවුන් දෙදෙනාම ඉන්දියා එයාර් ගුවන් සේවයට එක් වන්නේ ඉන්දියාවේ සෙසු ප්‍රදේශවලින් හුදෙකලා වූ පළාතක් ලෙස සැලකෙන මනිපූර් ප්‍රදේශයෙනි. නගන්තෝයි ෂර්මා කොංබ්‍රයිලත්පම් (Nganthoi Sharma Kongbrailatpam) සහ ලැම්නුන්තෙම් සිංසන් (Lamnunthem Singson) අනතුරට පැය කිහිපයකට පෙර අවම පවුලේ එක් සාමාජිකයකු සමඟ සම්බන්ධ වෙමින් ඔවුන් රාජකාරී සඳහා පිටත්ව යන බව සඳහන් කර තිබෙනවා.

වයස අවුරුදු 21ක් වන නගන්තෝයි ප්‍රාන්ත අගනුවර වන ඉම්ෆාල් හි ඩීඑම් වාණිජ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අතර විශ්වවිද්‍යාලයේ පළමු අධ්‍යයන වාරයේ විභාගවලට පෙනී සිටින අතරතුර සිය යෙහෙළියන් කිහිප දෙනෙකු සමඟ ඉන්දියා ගුවන් සේවයේ සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී වීමෙන් පසු එම ගුවන් සේවයට තෝරාගත් අයෙකි.

ඇය ගැහැණු ළමයින් තිදෙනෙකුගෙන් යුත් පවුලක දෙවැන්නා වූ අතර ඇගේ ඇමතුම පෙ.ව. 11:30 ට පමණ ලැබී තිබුණේ ඇගේ සහෝදරියටයි. මෙය ඇගේ පවුලට ඇගෙන් ලැබුණු අවසාන ඇමතුමද වෙනවා. නගන්තෝයි ලන්ඩන් සංචරයෙන් පසු නැවත පැමිණීමට නියමිතව තිබුණේ ජුනි 15 වැනිදාය.

එමෙන්ම අනතුරෙන් දිවි අහිමි වූ අනෙක් මනිපූර් තරුණිය ලැම්නුන්තෙම් සිංසන්ගේ පවුල ඉම්ෆාල්හි පැරණි ලැම්බුලේන් හි ජීවත් වූ නමුත් 2023 දී ජනවාර්ගික ගැටුම් හේතුවෙන් එම ප්‍රදේශය අතහැර ගිය අය බවයි සඳහන් වන්නේ. ඔවුන් කන්ග්පොක්පි දිස්ත්‍රික්කයේ අභ්‍යන්තර අවතැන් වූවන් ලෙස ජීවත් වූවන්. ඇගේ මව ඇගේ සැමියා මිය යාමෙන් පසු දරුවන් තනිව හදාගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ලැම්නුන්තෙම් ඇගේ එකම දියණිය බව එම වාර්තාවල සඳහන්ය.

ලැම්නුන්තම් ඇගේ මව වන නෙම්නයිල්හිං සිංසන්ට ඇගේ අවසන් ඇමතුමේදී ඇය රාජකාරි සඳහා අහමදාබාද් වෙත යන බව පවසා තිබුණා.

බ්‍රහස්පතින්දා දහවල් පුද්ගලයින් 242 දෙනෙකු සමඟ එයාර් ඉන්දියා බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් යානය අනතුරට වීම හේතුවෙන් යානයේ ගමන් ගත් එක් මගියෙකු හැර සෙසු සියලුම දෙනා ජීවිතක්ෂයට පත් වුණා. මිය ගියා 241 දෙනා අතර කාර්යමණ්ඩල සාමාජිකයන් 12 දෙනෙකු ඇතුළත්ය. ගුවන්යානය කඩා වැටීමෙන් වෛද්‍ය විද්‍යාල නේවාසිකාගාරයක සිසුන් කිහිප දෙනෙකු ද ජීවිතක්ෂයට පත් වුණු බවයි වාර්තා වුණේ.

Latest News

More like this

කොළඹත් එක නගරයක් විතරයි.. අයවැය පරාජය වීමෙන් ආණ්ඩුවට බලපෑමක් නෑ.

කොළඹ අයවැය පරාජය වීම ආණ්ඩුවේ ගමන් මඟට බලපෑමක් නොවන...

අයවැය පරාජය වුවද ජනවරම පරාජය වී නැහැ.. – බල්තසාර්

සති දෙකක් ඇතුළත අයවැය බලාත්මක කරනවා කොළඹ මහ නගර සභාවවේ...

ආණ්ඩුක්‍රම ව්‍යස්වස්ථා සභාව රජයේ ගමන අඩාල කිරීමට උත්සාහ කරනවා… නලින්ද චෝදනා කරයි

විගණකාධිපතිවරයා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නම් හතරක්...

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක ණය සහන පැකේජයක්… ණය ඩො. මිලියන 350යි, සහනය ඩො. මිලියන 100යි

'දිට්වා' සුළි කුණාටුවෙන් හානි සිදු වූ ප්‍රදේශ යළි ගොඩනැගීම...