මිනිත්තු 10ක පමාවකින් එයාර් ඉන්දියා ගුවන් යානය මිස් වී හුස්ම ගන්නා මිනිසුන් අතරට එක් වීමට වාසනාව ලැබුණු ‘භූමි’

අහමදාබාද් සිට ලන්ඩනයේ ග්‍රැට්වික් ගුවන් තොටුපළ බලා ගමන් කළ එයාර් ඉන්දියා AI-171 ගුවන් යානය ගුවන් ගත වී තත්පර කිහිපයක් ඇතුළත එහි ගමන් ගත් එක් පුද්ගලයෙකුගේ හැර සියලු දෙනාට ජීවිත අහිමි කරද්දී තවත් එක් ජීවිතයක් බේරා ගැනීමට කිසියම් බලවේගයක් ක්‍රියාත්මක වී තිබුණා.

ඒ ගුවන් තොටුපළට පැමිණීමට මිනිත්තු 10ක් ප්‍රමාද කරවමිනි. එම ප්‍රමාද වූ මිනිත්තු 10 ඇයට හුස්ම ගන්නා මිනිසුන් අතර නැවත ජීවත්වීමට අවස්ථාවක් ලබා දුන් මිනිත්තු 10කි.

එදින එයාර් ඉන්දියා AI-171 ගුවන් යානයෙන් ලන්ඩන් බලා පියාසර කිරීමට නියමිතව සිටි ඇය භූමි චෞහාන්ය. දෙවසරකට පසු ඉන්දියාවට පැමිණ යළි ලන්ඩනය බලා යාමට සිටි භූමි චෞහාන් අහමදාබාද් ගුවන් යානයේ සිටිය යුතු වුවත් රථවාහන තදබදයක සිරවී සිටි නිසා ඇයට මිනිත්තු කිහිපයකින් ගුවන් යානය මග හැරුණු බව වාර්තා වෙනවා.

ඇගේ සැමියා සහ දරුවා ජීවත් වන්නේ එංගලන්තයේය.

ගුවන් යානයට ගොඩවීමේ අවස්ථාව අහිමි වුණු ඇය යළි ගුවන් තොටුපොළෙන් පිටතට යන්නට සූදානම් වෙද්දී මෙම අනතුර ගැන අසන්නට ලැබුණු බව සඳහන්ය. ගුවන් ගමන මිනිත්තු 10 කින් මග හැරුණු ඇයගේ වාසනාවන්ත ගැලවීම ගැන සිතමින් ඇය “තවමත් වෙව්ලමින්” සිටින බව ඇය මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

“ජීවිත අහිමි වීම ගැන ඇසීමෙන් පසු මම සම්පූර්ණයෙන්ම කම්පනයට පත් වී සිටිනවා. මගේ ශරීරය වෙව්ලනවා. මට කතා කරන්න බැහැ. සිදු වූ සියල්ල ඇසීමෙන් පසු මගේ මනස දැන් සම්පූර්ණයෙන්ම හිස්”

ඉන්දියාවේ අහමදාබාද් ගුවන්තොටුපොළ ආසන්නයේදී සිදුවූ දරුණු ගුවන් අනතුරින් මෙතෙක් වාර්තාවූ මරණ සංඛ්‍යාව 265ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා. ඒ ගුවන් යානයේ ගමන් ගත් මඟීන් මෙන්ම යානය කඩා වැටුණු වෛද්‍ය නේවාසිකාගාරයේ ශිෂ්‍යයන් ද සමඟයි.

යානය, ගුවන් තොටුපොළ අසල පිහිටි වෛද්‍ය විද්‍යාලයේ නේවාසිකාගාර ගොඩනැගිල්ලකට කඩාවැටී පිපිරීමට ලක් වුණා.

යානයේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩලයේ 242 ගෙන් 241 දෙනෙක් අනතුරින් ජීවිතක්ෂයට පත් වුණා.එමෙන්ම වෛද්‍ය විද්‍යාලයේ නේවාසිකාගාරයේ දිවා ආහාරය ගනිමින් සිටි සිසුන් 24 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්වුණේ අවාසනාවන්ත ලෙසිනි.

තුවාල ලැබූ තවත් සිසුන් මේවන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

Latest News

More like this

කොළඹත් එක නගරයක් විතරයි.. අයවැය පරාජය වීමෙන් ආණ්ඩුවට බලපෑමක් නෑ.

කොළඹ අයවැය පරාජය වීම ආණ්ඩුවේ ගමන් මඟට බලපෑමක් නොවන...

අයවැය පරාජය වුවද ජනවරම පරාජය වී නැහැ.. – බල්තසාර්

සති දෙකක් ඇතුළත අයවැය බලාත්මක කරනවා කොළඹ මහ නගර සභාවවේ...

ආණ්ඩුක්‍රම ව්‍යස්වස්ථා සභාව රජයේ ගමන අඩාල කිරීමට උත්සාහ කරනවා… නලින්ද චෝදනා කරයි

විගණකාධිපතිවරයා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නම් හතරක්...

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක ණය සහන පැකේජයක්… ණය ඩො. මිලියන 350යි, සහනය ඩො. මිලියන 100යි

'දිට්වා' සුළි කුණාටුවෙන් හානි සිදු වූ ප්‍රදේශ යළි ගොඩනැගීම...