ටෙල් අවිව් සහ ටෙහෙරානයේ පිපිරීම් දිගටම.. ඊශ්‍රායලයේ ප්‍රදේශ ගණනාවක සයිරන් නාද ක්‍රියාත්මක වේ

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව ඉරාන මිසයිල නව රැල්ලක් ඊශ්‍රායලය දෙසට ඇදෙමින් පවතී. ජෙරුසලමට ඉහළින් අහසේ පිපුරුම් හඬ ඇසෙමින් පවතින බව එම වාර්තා පවසනවා.

මෙය ඉරානය තවත් මිසයිල ප්‍රහාරයක් ඊශ්‍රාලය දෙසට දියත් කිරීමේ ප්‍රතිඵලයකි. ඊශ්‍රායල ආරක්ෂක හමුදා ද නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.

ඉරාන න්‍යෂ්ටික සහ හමුදා ඉලක්ක වෙත සිකුරාදා අලුයම ඊශ්‍රායලය එල්ල කළ පෙර නොවූ විරූ ප්‍රහාරයකින් පසු මැදපෙරදිග සතුරන් අතර ගැටුම උත්සන්න වීමත් සමඟ ඊයේ රාත්‍රියේ ටෙහෙරානයේ සහ ටෙල් අවිව්හි තවත් පිපිරීම් සිදුබවයි වාර්තා වන්නේ.

සිය න්‍යෂ්ඨික මර්මස්ථාන සහ හමුදා නායකයින් ඉලක්ක කරනු ලැබූ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ඉරානය ඊශ්‍රායල ප්‍රහාරයට “තදබල ප්‍රතිචාරයක්” ලබා දෙන බවයි අවධාරණය කළේ.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඊශ්‍රායලයේ ප්‍රහාරය පිළිබඳ අදහස් දක්වමින් ඉදිරියේදී තවත් ප්‍රහාර පැමිණීමට නියමිත බවට අනතුරු අඟවනු ලැබුවා. කෙසේ වෙතත් ඉරානය එල්ල කළ හැකි ප්‍රති ප්‍රහාරයන්ට සූදානම් වෙමින් රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමටද ඊශ්‍රාලය කටයුතු කර තිබෙනවා.

Latest News

More like this

අගමැති මෝදිගෙන් ජනපතිට ඇමතුමක්

දිට්වා සුළි කුණාටු තත්ත්වය සමඟ ශ්‍රී ලංකාව මුහුණ දුන්...

විපතෙන් ගොඩ ඒමට චීනයත් ආධාර කරයි

දීට්වා සුළි කුණාටුවෙන් ඇති වූ විනාශකාරී ගංවතුර සහ නායයෑම්...

විපතට පත්වූවන් මුදාගනිමින් සිටියදී ජීවිතය පිදූ කීර්තිමත් නියමුවා පිළිබඳ ගුවන් හමුදාවෙන් නිවේදනයක්

වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශය අසල අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට...