ඊශ්‍රයාල ගුවන් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

ඉරානයේ ගුවන් ආරක්ෂක අංශ ඊශ්‍රායල Lockheed Martin F-35 Lightning II ප්‍රහාරක ජෙට් යානා දෙකක් මෙන්ම කුඩා ගුවන් යානා විශාල ප්‍රමාණයක් බිම හෙළා ඇති බවත්, කාන්තා ඊශ්‍රායල ගුවන් නියමුවරියක් අල්ලා ගත් බවත් විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඉරානයේ රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබුණේ මධ්‍යම නගරයක් වන කොම්ට ආසන්නව පිහිටි ෆෝඩෝ න්‍යෂ්ටික මධ්‍යස්ථානය අසල ඊශ්‍රායල ඩ්‍රෝන යානයක් ඉරාන ගුවන් ආරක්ෂක අංශ විසින් වෙඩි තබා බිම හෙළා ඇති බවයි.

එහෙත් තවමත් ඉරාන හමුදාව නිල වශයෙන් මෙම වාර්තාව තහවුරු කර නැහැ.

ඊශ්‍රායල ආරක්ෂක හමුදා වාර්තාව ප්‍රතික්ෂේප කරන අතර නිවේදනයක් නිකුත් කරමින් චෝදනා “සම්පූර්ණයෙන්ම පදනම් විරහිත” බව පවසා තිබෙනවා.

ඉරාන හමුදා සහ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ඊශ්‍රායලය විසින් සිදු කරන ලද මහා පරිමාණ ප්‍රහාරවලින් පසුව ඇති වූ ආතතීන් උත්සන්න වීම මධ්‍යයේ මෙම ප්‍රකාශ නිකුත් කර ඇති අතර එමඟින් පුළුල් කලාපීය උත්සන්න වීමක් පිළිබඳ බියක් පළ වෙමින් පවතී.

මැදපෙරදිග මෙම නවතම ආතති තත්ත්වය උද්ගත වුණේ සිකුරාදා අලුයම ඊශ්‍රායලය ටෙහෙරානය සහ ඉරානය පුරා අනෙකුත් නගරවලට ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් පසුවය.

ඉරානයේ එක්සත් ජාතීන්ගේ නියෝජිත අමීර් සයීඩ් ඉරාවානි පැවසුවේ ඊශ්‍රායලයේ ප්‍රහාර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 78 දෙනෙකු මිය ගිය අතර තවත් 320 දෙනෙකු තුවාල ලැබූ බවත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් සිවිල් වැසියන් බවත්ය.

ඉරාන සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මොහොමඩ් බගෙරි, ඉරානයේ ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකායේ ප්‍රධාන අණදෙන නිලධාරී හොසේන් සලාමි, ඉරානයේ කටම් අල්-අන්බියා මධ්‍යම මූලස්ථානයේ අණදෙන නිලධාරී ගෝලාම්-අලි රෂීඩ් සහ ඉරානයේ ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකායේ ගුවන් අංශයේ අණදෙන නිලධාරී අමීර් අලි හජිසාදේ යන අය ටෙහෙරානයට එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මිය ජීවිත්ක්ෂයට පත් වුණා.

Latest News

More like this

සුජීව සේනසිංහ V8 එක ගැන පරීක්ෂණවලදී ප්‍රකාශයක් ලබාදීම හයවතාවක් මඟ ඇරලා

නීති විරෝධීව එක්ලස් කළා යයි චෝදනා එල්ල වී ඇති...

25 හැවිරිදි තරුණියකගේ ගෙල කපා සිදු කළ මහා අපරාධය..

මැණික් ඔපදමන්නියක ලෙස පෞද්ගලික ආයතනයක සේවය කළ විසිපස් හැවිරිදි...

ශ්‍රී ලංකා පොලිස් ෆේස්බුක් පිටුවෙන් බ්ලොක් කිරීමට එරෙහිව මානව හිමිකම් ගිය තරුණයා

ශ්‍රී ලංකා පොලිසියේ නිල ෆේස්බුක් පිටුවෙන් තම ෆේස්බුක් ගිණුම...

පැය 48කදී ඊශ්‍රායලය ගාසා තීරයේ 300ක් ඝාතනය කරයි

පසුගිය පැය 48 තුළ ඊශ්‍රායල හමුදා විසින් පලස්තීන ජාතිකයින්...
error: Content is protected !!