මෝහාන්ලාල්ගේ ‘තුඩරුම්’ කොෆියක් බවට චෝදනා

මොහාන්ලාල් සහ ශෝභනා රංගනයෙන් දායක වූ අපරාධ ත්‍රාසජනක චිත්‍රපටයක් වන ‘තුඩරුම්’ එහි මව් ප්‍රාන්තයේ රුපියල් කෝටි 100 ඉක්මවා ආදායමක් උපයාගත් පළමු මලයාලම් චිත්‍රපටය බවට පත්වෙමින් ඉතිහාසයට එක් වුණා.

කෙසේ වෙතත් එය මේ වන විට සොරකම් කරන ලද්දක් බවට චෝදනා එල්ල වෙමින් පවතී. චිත්‍රපට අධ්‍යක්ෂක සනල් කුමාර් සසිධරන් ෆේස්බුක් හි මලයාලම් භාෂාවෙන් බෙදාගත් දිගු සටහනක තුඩරම් නිෂ්පාදකයින් සිය චිත්‍රපටය සොරකම් කර ඇති බවට චෝදනා එල්ල කර තිබෙනවා.

“මම තුඩරම් චිත්‍රපටය බැලුවා. එය නිර්මාණය කර ඇත්තේ 2020 දී මා ලියූ මගේ තිර රචනය වන තීයාට්ටම් හි සැකිල්ල සොරකම් කරමිනි.” චිත්‍රපටයේ කතා තේමාව පමණක් නොව දෙබස් පවා අමු අමුවේ කොෆි කර ඇති බවට ඔහු චෝදනා කරනවා.

තුඩරුම් හි නිෂ්පාදකයින් සහ නළු නිළියන් තවමත් චෝදනාවලට ප්‍රතිචාර දක්වා නැහැ.

Latest News

More like this

තාත්තා වගේම මමත් සම්මානවලට කැමතියි.. ඒත් මේක අම්මාට..

පසුගිය සතියේ පැවැත්වුණු NDTV Indian of the Year 2025...

වසර 15කට පසු අමීර් කරීනා සමඟ 3 Idiots-2 රූගත කෙරේ

2009 වසරේ දී ලෝකය පුරා ජනප්‍රිය වූ 3 Idiots...

සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් ලැබූ වසර මේ වසරයි… ජනපතිගෙනුත් සහයෝගය….

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින්...