ඉරානය මොසාඩ් මූලස්ථානයට පහර දුන් බවට වාර්තා ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කරයි

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය ඊශ්‍රායලයේ ටෙල් අවීව් හි පිහිටි මොසාඩ් මූලස්ථානයට ප්‍රහාරයක් එල්ල කළ බව ඉරාන මාධ්‍ය වාර්තා කළා.

සමාජ මාධ්‍යයන්හි මොසාඩ් මූලස්ථානය යැයි පවසමින් ගිනි ගන්නා ගොඩනැගිලි කිහිපයක තහවුරු නොකළ වීඩියෝ සංසරණය වූ අතර ඊශ්‍රායලය පැව්සුවේ එම වාර්තා ප්‍රතික්ෂේප කරන බවයි.

ඊශ්‍රායලය, එම ප්‍රහාරය එල්ල වුණේ බස් රථ නැවතුම්පළකට යයි පැවසුවත් ඉරානය එය ප්‍රතික්ෂේප කරමින් ඔවුන් මොසාඩ් මූලස්ථානය නිශ්චිත වශයෙන්ම ඉලක්ක කළ බව පවසනවා.

ඉරාන ප්‍රහාර මොසාඩ් ඇතුළු ඊශ්‍රායලය තුළ උපායමාර්ගික ස්ථාන කිහිපයක් වෙතම එල්ල කළ බවයි ඉරානය පවසන්නේ.

ජුනි 13 වන දින ඊශ්‍රායලය රයිසින් ලයන් මෙහෙයුම දියත් කළ දා සිට දෙරට අතර ප්‍රහාර මාලාවන් හුවමාරු වෙමින් පවතී.

සිකුරාදා සිට ඉරාන ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ 24 දෙනෙකු මියගොස් ඉරානයේ 224 දෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වුණේ.

Latest News

More like this

දහස් ගණනකගේ කුසගිනි නිවූ විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය..

විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය කියන්නේ රටම ආපදාවට පත් වුණාට පස්සේ...

එළවළු මිල අසාමාන්‍ය ලෙස නඟී..

අධික වර්ෂාව නිසා පළාත් රැසක භෝග වගාවන් විශාල වශයෙන්...