කිසිදා ළඟාවීමට නොහැකි යැයි කියූ ඉරානයේ භූගත නටාන්ස් න්‍යෂ්‍ටික සංකීර්ණයට ඊශ්‍රායලය ඉලක්කයටම පහර දීලා

ඉරානයේ වඩාත් රහසිගත හා ආරක්ෂිත න්‍යෂ්ටික පහසුකම්වලින් එකක් වන ගැඹුරු භූගතව පිහිටා ඇති නටාන්ස් න්‍යෂ්ටික සංකීර්ණයට ඊශ්‍රායලය විසින් නිවැරදිව ඉලක්කයට පහර දී ඇති බව එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික ආයතනය පවසනවා.

පෘථිවි පෘෂ්ඨයට යටින් පිහිටා ඇති බැවින් ඊශ්‍රායලයට කිසිදා සාර්ථකව ඉලක්ක කිරීමට නොහැකි විය හැකි පහසුකමක් ලෙසයි මෙය කලින් හඳුන්වා තිබුණේ.

නමුත් ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය හෙවත් IAEA පැවසුවේ තමන්ට ඇති දත්ත අනුව ඊශ්‍රායලය නටාන්ස් යුරේනියම් බලාගාරයේ භූගත කොටසට සෘජුවම පහර දී ඇති බවයි.

ප්‍රහාරයෙන් පසු එකතු කරන ලද චන්ද්‍රිකා ඡායාරූප අඛණ්ඩ විශ්ලේෂණය කිරීමෙන් මෙම නිගමනයට එළඹී තිබෙනවා.

ඉරානයේ තවත් ප්‍රධාන න්‍යෂ්ටික ස්ථාන දෙකක් වන ඉස්ෆහාන් සහ ෆෝඩෝ හි “වාර්තා කිරීමට කිසිදු වෙනසක් නොමැති” බව ඔවුන් සඳහන් කරනවා.

උත්සන්න වන ගැටුම හේතුවෙන්, IAEA නිලධාරීන්ට එම ස්ථානය සෘජුවම පරීක්ෂා කිරීමට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ.

ගෝලීය න්‍යෂ්ටික නිරීක්ෂණ ආයතනය මීට පෙර තහවුරු කර තිබුණේ එම සංකීර්ණයේම භූගත න්‍යෂ්ටික පහසුකමක් පෙර ප්‍රහාරයකින් විනාශ වී ඇති බවයි.

Latest News

More like this

හොරණ මාළිමා මන්ත්‍රීවරු කාල තරණය කර අයවැය සම්මත කර ගනී..

විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකුගේ සහභාගීත්වයෙන් තොරව හොරණ නගර සභාවේ අයවැය...

දිට්වා හානිය රු. කෝටි ලක්ෂයක් ඉක්මවයි…. ලෝක බැංකු වාර්තාව කියයි

දිට්වා සුළි කුණාටුවා හේතුවෙන් ඇති වූ ගංවතුර හා නාය...