ජපුර විශේෂඥ වෛද්‍යවරිය පනස්දාහේ ශල්‍ය උපකරණ ලක්ෂ දෙකහමාරට විකුණලා….

රාජ්‍ය චක්‍රලේඛයන්ට පරිබාහිරව හා නීති විරෝධීව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු ශල්‍යකර්ම උපකරණ පිටස්තර ආයතනවලින් මිලදීගෙන රුපියල් කෝටි තුනකට අධික පාඩුවක් කර අයුතු ලාභයක් ලැබුවේ යැයි කියන විශේෂඥ වෛද්‍යවරියගේ ආයතනයක ලිපිකරුවකු ලබන විසිහතර වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුලවල මහතා ඊයේ (ජුනි 17) නියෝග කර තිබෙනවා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ 18 වෙනි වාට්ටුව භාර විශේෂඥ වෛද්‍ය මහේශී සූරසිංහ විජේරත්න, කළමනාකරණ සහකාර මුතුකුඩ ආරච්චිගේ නිමල් රන්ජිත් හා වෛද්‍යවරියගේ ආයතනය සේවය කළ ලියනගේ ඉන්දික නමැති සැකකරුවන් තිදෙනෙකි.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කළේ රුපියල් 46,500ක් වටිනා ශල්‍ය අයිතමය රු 120,000 සිට 250,000 දක්වා මිලකට රෝගීන්ට අලෙවි කිරීමට කටයුතු කර ඇති බ්ව සාක්ෂි මගින් අනාවරණය වූ බවයි.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලින් ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීන් තුන්සියයකට පමණ මෙලෙස පාඩු කරමින්, අයුතු ලාභ ලබා ඇති සැකකරුවන් ඊ.වී.ඩී නමැති ශල්‍ය අයිතම නීති විරෝධීව පිටස්තර ආයතන මඟින් මිලදී ගැනීමට රෝගීන්ට ඉඩ සලස්වමින් අල්ලස් පනතේ දූෂණය නමැති වැරදි කිරීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව ද ඔවුන් සඳහන් කර තිබෙනවා.

මෙලෙස ශල්‍ය කර්ම වලට භාජනය කර ඇති රෝගීන් තුන්සියයකගේ පමණ තොරතුරු අනාවරණය වී ඇති බව අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය වෙත සඳහන් කළා.

ඉන් රෝගීන් කිහිප දෙනෙකු මිය ගිය බවට තොරතුරු සඳහන් වන බවත් පැවසූ අල්ලස් කොමිසම මේ වන විට එවැනි රෝගීන් 77 දෙනෙකුගෙන් අල්ලස් කොමිසම ප්‍රකාශ ලබා ගෙන ඇති බවයි සඳහන් කරනු ලැබුවා.

ඖෂධ අලෙවි කිරීමේ ක්‍රියාදාමයන්ට පරිබාහිරව පිටස්තර පාර්ශව මාර්ගයෙන් ශල්‍ය අයිතම මිලදීගෙන ඇති සැකකාරිය අදාල අයිතමයන් රජය හරහා මිලදී නොගෙන වෙනත් දන්නා පාර්ශවයන් හරහා මිලදී ගැනීමට ඉඩ සලස්වම්න් රෝගීන්‍ට අලාභයක් කර තමන්ට ලාභයක් ලබා ගැනීමට කටයුතු කර ඇති බවයි අධිකරණය හමුවේ ඉදිරිපත් කළ කරුණුවලින් අනාවරණය කෙරුණේ.

Latest News

More like this

අධිවේගයේ බස් රථවල මගීන්ට ආසන බඳ පටි පැළඳීම අනිවාර්ය කෙරේ

එළැඹෙන සැප්තැම්බර් මාසයේ මුල සිට අධිවේගී මාර්ගවල ධාවනය වන...

යෝජිත විදුලි පනත සම්මතයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් හා ජනමත විචාරණයක් අවශ්‍යයි

යෝජිත විදුලි බල පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට...

එජා මානව හිමිකම් මහ කොමසාරිස්ට වැරදීමක්.. සමලිංගික විවාහ නීති ගත කරන පනත් කෙටුම්පතක් ගෙනත් නැහැ..

ශ්‍රී ලංකාවේ සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා පනත් කෙටුම්පතක්...

චීන වවුලගෙන් පැතිරෙන බ්‍රෑන්ඩ් නිව් වෛරස 20ක් සොයාගනී

චීනයේ වවුලන්ගේ වකුගඩු ආශ්‍රිතව කරනු ලැබූ පර්යේෂණයකින් මිනිසුන්ට ආසාදනය...
error: Content is protected !!