ඉරාන රෙජීමය වෙනස් කරන යුද්ධයට ඊශ්‍රායලය හා එක්වීමට ඇමරිකාව සලකා බලමින් සිටියි

ඊශ්‍රායල-ඉරාන යුද්ධයට එක්සත් ජනපදය “සම්බන්ධ විය හැකි” බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමෙන් පසු ඉරානයට එරෙහි ඊශ්‍රායල ප්‍රහාරවලට සම්බන්ධ වීමට දැන් සලකා බලමින් සිටින බව ඇමරිකානු ආයතන කිහිපයක් වාර්තා කර තිබෙනවා.

රිපබ්ලිකන් පක්ෂය ඉක්මණින් ඉස්ලාමීය ජනරජයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එරෙහි ප්‍රහාරවලට සම්බන්ධ වීමට ඉඩ ඇති බවයි එම බහුවිධ වාර්තා සනාථ කර ඇත්තේ.

මෙම තොරතුරු අනාවරණය වන්නේ අඟහරුවාදා (ජුනි 17) ධවල මන්දිරයේ දී ඇමරිකානු ජනාධිපතිවරයා තම ජාතික ආරක්ෂක කණ්ඩායම සමඟ පවත්වනු ලැබූ පැයයි විනාඩි 20 ක රැස්වීමෙන් පසුවය.

නම් නොකළ ජ්‍යෙෂ්ඨ බුද්ධි අංශ නිලධාරියෙකු සහ ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරියෙකු විදෙස් ප්‍රවෘත්ති සේවයක් වෙත ට්‍රම්ප් ඉරානයට එරෙහි යුද්ධයට ඊශ්‍රායලයට එක්වීමට සලකා බලමින් සිටින බව පවසා ඇත්තේද ඉන් අනතුරුවයි.

Latest News

More like this

බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ...

තියුණු ආයුධයකින් පහරදී දැරියක් ඝාතනය කරලා !

ගම්පොල පොලිස් වසමේ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට...

ළමා අපයෝජන ගැබ් ගැනීම් ඉහළට

ළමා ලිංගික අපයෝජන සහ ළමා ගැබ් ගැනීම් ඉහළ අගයක්...

ඇමෙරිකාවට ශාප වූ ශතයේ කාසිය !

ඇමෙරිකාව තුළ වසර 238 ක කාලයක් සංසරණය වූ කාසියක්...
error: Content is protected !!