ඇෆ්ගන්-පාකිස්තාන දේශ සීමා හරහා ගිය හඳුනා නොගත් පියාඹන පීරිසියක පටිගත වූ දර්ශන නිකුත් වේ

2020 දී ඇෆ්ගන්-පාකිස්තාන දේශසීමාව හරහා ගමන් ගත් බව කියන හඳුනා නොගත් පියාඹන පීරිසියක පටිගත කරන ලද දර්ශන මහජනතාව වෙත නිකුත් කර තිබෙනවා.

අඟහරුවාදා එය ප්‍රසිද්ධියට පත් කළ විමර්ශන මාධ්‍යවේදීන් වන ජෙරමි කෝබෙල් සහ ජෝර්ජ් නැප් සඳහන් කරනු ලැබුවේ එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් පටිගත කරනු ලැබූ දර්ශන බවයි.

ආරක්ෂක දෙපාර්තමේන්තුව මෙය හඳුන්වා ඇත්තේ හඳුනා නොගත් විෂමතා සංසිද්ධියක් (UAP) ලෙසයි.

අතීතයේ දී හමුදා දර්ශනවල බොහෝ විට ‘ටික්-ටැක්’ හැඩැති හඳුනා නොගත් පියාඹන යානා පටිගත වී ඇති නමුත් දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම වස්තුව ඒවාට වඩා වෙනස් ලෙස පෙනෙන බවයි.

වීඩියෝවේ හඳුනා නොගත් පියාඹන යානාව වලාකුළු තුළට සහ පිටතට ගමන් කරන ආකාරය දැකිය හැකිය.

එහි විෂ්කම්භය මීටර් 200 ත් 400 ත් අතර වන නමුත් ප්‍රමාණය නිශ්චිත ලෙස සඳහන් කළ නොහැකි බවයි පැවසෙන්නේ.

පර්යේෂකයන් දෙදෙනා පවසන්නේ මෙම දර්ශන 100% “සැබෑ සහ නීත්‍යානුකූල” බවයි. ඔවුන් වසර දෙකක් ඒ පිළිබඳව විමර්ශනය කර බහු මූලාශ්‍ර භාවිතා කරමින් එහි සත්‍යතාව පරීක්ෂා කර ඇති බව සඳහන්ය. ඔවුන් එක්සත් ජනපද රජයේ UFO වැඩසටහන්වල සේවය කරන රජයේ නිලධාරීන් සමඟ ද වීඩියෝව පරීක්ෂා කර තිබෙනවා.

Latest News

More like this

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...

අනුරගේ දැඩි මිත්‍රත්වය වෙනුවෙන් ජපාන වෛද්‍ය කණ්ඩායමක් ලංකාවට එයි

ශ්‍රී ලංකාවේ හදිසි ආපදා තත්ත්වය වෙනුවෙන් සහයෝගය ලබා දීමට...