ඉන්ධන සංචිත මාස දෙකකට ඇති.. අනියත බිය එපා… බලශක්ති ඇමති

ඉදිරි මාස දෙකහමාරකට ප්‍රමාණවත් ඉන්ධන සංචිත ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින බැවින්තෙල් හිඟයක් ඇති වෙතැයි පාරිභෝගික ජනතාව අනියත බියක් ඇති කර ගෙන ඉන්ධන තොග රැස්කර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (ජූනි 18) පැවති මාධ්‍ය හමුවේදීය.

“රට තුළ මේ වන විට එළැඹෙන අගෝස්තු මාසය වන තෙක් අවශ්‍ය තෙල් තොග පවතින බැවින් හා සැපයුම්කරුවන් මගින් ඇණවුම් කළ ඉන්ධන තොග ලැබෙමින් පවතිනවා. දැනට ටෙන්ඩර් කැඳවා කොන්ත්‍රාත් ගිවිසුම් අස්සන් කර තිබෙන සැපයුම් හරහා විශේෂයෙන් ප්‍රසම්පාදන කටයුතු සඳහා දැනට ගිවිසුම් අස්සන් කර තියෙන්නෙ. ඒවා නිසි පරිදි ක්‍රියාත්මක වෙනවා. සැපයුම්කරුවන්ගෙන් ඉන්ධන සැපයීමේ අපහසුතාවක් හෝ අඩාල වීමක් ගැන අප වෙත දැනුම් දීමක් නැහැ.

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ දෙසැම්බර් දක්වා පිරිපහදුවට බොර තෙල් තිබෙනවා. වගකිව යුතු රජයක් හැටියට පූර්ව සූදානමක ඉන්නේ. එමෙන් ම අප රටට බොර තෙල් හා පිරිපහදු කරන ලද ඉන්ධන වැඩීම ප්‍රමාණයක් 95% ක් පමණ වන්නේ යුදමය කලාපයෙන් බැහැර සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දියාව වැනි පරිබාහිර කලාපයේ රටවලින්.

ඉන්ධන සම්බන්ධයෙන් සැපයුම්කරුවන් විසින් ඉන්ධන සැපයීමේ බාධාවක් තිබෙන බවට දැනුම් දීමක් කර නැහැ. එම නිසා කිසිදු තෙල් හිඟයක් ඇති නොවන බව ආණ්ඩුවක් හැටියට වගකීමෙන් ප්‍රකාශ කරනවා. එම නිසා අනවශ්‍ය ලෙස තොග රැස්කිරීමෙන් වළකින්න. ඛනිජ තෙල් සංස්ථාට අමතරව සයිනොපෙක්, අයි. ඕ. සී., ෂෙල් සැපයුම්කරුවන් සතුව අවශ්‍ය තොග පවතිනවා.

අනවශ්‍ය තොග රැස් කිරීමක් ඇති කිරීමෙන් කළමනාකරණයේ අවුල් වීමක් ඇති වෙන්න පුළුවන්. අනවශ්‍ය ලෙස බුලි හා බැරල්වලට ඉන්ධන ලබාදීම තහනම් කර ඇති බවත් ඊට පටහැනිව කටයුතු කළහොත් එය දඬුවම් ලැබිය හැකි වරදක් “

Latest News

More like this

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...

අනුරගේ දැඩි මිත්‍රත්වය වෙනුවෙන් ජපාන වෛද්‍ය කණ්ඩායමක් ලංකාවට එයි

ශ්‍රී ලංකාවේ හදිසි ආපදා තත්ත්වය වෙනුවෙන් සහයෝගය ලබා දීමට...