පිළිකාව සමඟ සටන් කරන කේට් තවත් රාජකීය නිල උත්සවයක් මඟහරී

පිළිකාවෙන් සුවය ලබමින් සිටින බ්‍රිතාන්‍යයේ වේල්ස් කුමරිය වන කැතරින්, රාජකීය ඇස්කොට් ධාවන ක්‍රීඩා උත්සවයට සහභාගී වීමෙන් ඉවත් වී ඇති බව ඇගේ කෙන්සිංටන් මාලිග කාර්යාලය බදාදා නිවේදනය කර තිබෙනවා.

දකුණු එංගලන්තයේ බර්ක්ෂර්හි හි පැවැත්වෙන සුප්‍රසිද්ධ ක්‍රීඩා ඉසව්ව රාජකීය දින දර්ශනයේ ප්‍රධාන සිදුවීමකි.

කේට් යන කෙටි නාමයෙන් හැඳින්වෙන කැතරින් ඇගේ සැමියා වන විලියම් කුමරු, III චාල්ස් රජු සහ කැමිලා රැජින සමඟ රෝයල් ඇස්කොට් උත්සවයට සහභාගී නොවනු ඇති බව එහි අදහසයි.

පිළිකාවට එරෙහි සටනින් පසු නිවැරදි සමබරතාවය දිගටම පවත්වා ගෙන යාම එහි අරමුණ බව ද පැවසෙනවා.

43 හැවිරිදි අනාගත රැජින 2024 සැප්තැම්බර් මාසයේදී ඇය පිළිකා රෝගයෙන් සුව වෙමින් පවතින බව ප්‍රකාශ කළ අතර ඉන්පසු ක්‍රමයෙන් ඇගේ රාජකීය රාජකාරී සඳහා ද සම්බන්ධ වෙමින් සිටියා.

කෙසේ වෙතත් මෙවර රාජකීය පවුල අනිවාර්යයෙන් සහභාගී වන ප්‍රසිද්ධ සමාජ හා ක්‍රීඩා උත්සවයක් වන රෝයල් ඇස්කොට් වෙත සහභාගී වීමට නොහැකි වීම ගැන කනගාටුව පළ කර ඇති බව සඳහන්ය.

Latest News

error: Content is protected !!