ඊශ්‍රායල අහසේ දිගටම ඉරාන මිසයිල පුපුරයි..

ඉරානය අද (19) උදෑසන ඊශ්‍රායලට දෙසට තවත් මිසයිල රැල්ලක් දියත් කළ බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර සිටියා.

Fars News Agency දේශීය වේලාවෙන් පෙ.ව. 7.40 ට පමණ ටෙලිග්‍රෑම් හි පළ කළ නිවේදනයකට අනුව මිසයිල ප්‍රහාරයට පෙර ඉරානය ඊශ්‍රායලය දෙසට ඩ්‍රෝන යානා ද දියත් කර තිබෙනවා.

ඊට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායල ආරක්ෂක හමුදා සඳහන් කළේ මිසයිල හඳුනා ගත් බවත් අනතුරු ඇඟවීමේ සයිරන් නාද නිකුත් කර ඇති බවත්ය.

තර්ජනය මැඩ පැවැත්වීම සඳහා ආරක්ෂක පද්ධති ද ක්‍රියාත්මක කර ඇති බව ඔවුන් පවසනවා.

ආරක්ෂක ඇංශ ජනතාව වෙත දැනුම් දී ඇත්තේ තවදුරටත් බෝම්බවලින් ආරක්ෂා වීම සඳහා ඉදි කර ඇති විශේෂ කූඩාරම්වල රැඳී සිටින ලෙසයි.

Latest News

error: Content is protected !!