ඉරානයේ රාජ්‍ය රූපවාහිනිය ඊශ්‍රායලයේ හැකර්වරුන් යටතට..

ඊශ්‍රායල හැකර්වරුන් විසින් ඉරාන රාජ්‍ය රූපවාහිනිය (IRIB) කෙටි කාල සීමාවකට ඔවුන්ගේ පාලනය යටතට ගෙන තිබෙනවා.

පැහැර ගැනීමෙන් අනතුරුව 2022 වසරේ ඉරාන රජයට එරෙහිව රට තුළ උද්ගත වූ “කාන්තාව, ජීවිතය, නිදහස” විරෝධතාවල දර්ශන විකාශනය කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

එම දර්ශනවල කාන්තාවන් තම හිජාබය ඉරා දමා කොණ්ඩය කපා ගන්නා ආකාරය දැක්වෙන අතර ඉරාන පාලනයට එරෙහිව ජනතාව වීදි බැස ඝෝෂා කරන හඬ පටද විකාශය කිරීමට සලස්වා තිබුණා.

ඉරානයට එරෙහි ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ (IDF) රයිසින් ලයන් මෙහෙයුමේ ලාංඡනයක්ද ඊට සමාගාමීව ප්‍රදර්ශනය කිරීමටයි ඔවුන් කටයුතු කර තිබුණේ.

පසුව ඉරාන රාජ්‍ය රූපවාහිනිය සිය ප්‍රේක්ෂකයින් වෙත අනතුරු අඟවිමින් කියා සිටියේ මෙය “චන්ද්‍රිකා සම්ප්‍රේෂණයට බාධා කරන සියොන්වාදී සතුරා විසින් සිදු කරන ලද සයිබර් ප්‍රහාරයක් නිසා” සිදු වූ බවයි.

Latest News

More like this

හොරණ මාළිමා මන්ත්‍රීවරු කාල තරණය කර අයවැය සම්මත කර ගනී..

විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකුගේ සහභාගීත්වයෙන් තොරව හොරණ නගර සභාවේ අයවැය...

දිට්වා හානිය රු. කෝටි ලක්ෂයක් ඉක්මවයි…. ලෝක බැංකු වාර්තාව කියයි

දිට්වා සුළි කුණාටුවා හේතුවෙන් ඇති වූ ගංවතුර හා නාය...