සුපිරි මලයාලම් ජ්‍යෙෂ්ඨයා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ

මලයාලම් සිනමාවේ සුපිරි සහ ජ්‍යෙෂ්ඨතම නළුවෙකු වන මෝහාන් ලාල් අද (ජුනි 19) ශ්‍රී ලංකාවේ උත්තරීතර පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණියා.

නියෝජ්‍ය කතානායක මොහොමඩ් රිස්වි මහතා ඔහු සභා ගර්භයට ගෞරවයෙන් පිළිගන්නා බව ප්‍රකාශ කරනු ලැබුවා.

ඉන්පසු ඔහු සභා ගැලරියේ සිට ආචාර කරමින් පාර්ලිමේන්තු විවාදයන් නැරඹූ ආකාරයද දක්නට ලැබුණා.

මෝහාන්ලාල් මේ දිනවල ලංකාවට පැමිණ සිටින්නේ චිත්‍රපට රූගත කිරීමක් සඳහා සහභාගී වීමටය.

ඔහු රංගනයෙන් දායක වූ තුඩරුම් චිත්‍රපටයට මේ දිනවල ශ්‍රීලංකාවේද දැඩි ප්‍රේක්ෂක ආකර්ශනයක් හිමිව තිබෙනවා. එය මලයාලම් සිනමා ඉතිහාසයේ එහි මව් භූමිය වන කේරළයේ වැඩිම ආදායම වාර්තා කරනු ලැබූ චිත්‍රපටය බවට පත් වී තිබීමද විශේෂයි.

Latest News

More like this

කොළඹත් එක නගරයක් විතරයි.. අයවැය පරාජය වීමෙන් ආණ්ඩුවට බලපෑමක් නෑ.

කොළඹ අයවැය පරාජය වීම ආණ්ඩුවේ ගමන් මඟට බලපෑමක් නොවන...

අයවැය පරාජය වුවද ජනවරම පරාජය වී නැහැ.. – බල්තසාර්

සති දෙකක් ඇතුළත අයවැය බලාත්මක කරනවා කොළඹ මහ නගර සභාවවේ...

ආණ්ඩුක්‍රම ව්‍යස්වස්ථා සභාව රජයේ ගමන අඩාල කිරීමට උත්සාහ කරනවා… නලින්ද චෝදනා කරයි

විගණකාධිපතිවරයා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නම් හතරක්...