Apple, Facebook, Google බිලියන 16 ක මුරපද සහ දත්ත ලීක් වෙලා

ඉතිහාසයේ විශාලතම දත්ත කාන්දු වීම්වලින් එකක් බවට පත් වෙමින් සයිබර් ආරක්ෂණ මුරපද ඇතුළුව පිවිසුම් ID බිලියන 16 ක කාන්දුවක් තහවුරු වී තිබෙනවා.

ෆෝබ්ස් හි වාර්තාවකට අනුව දත්ත කාන්දුව “Apple, Facebook සහ Google සිට GitHub, Telegram සහ විවිධ රජයේ සේවාවන් දක්වා මාර්ගගත සේවාවන්ට අදාළාව සිදුව තිබෙන්නකි.

වාර්තා මිලියන184 ක් අඩංගු “අභිරහස් දත්ත සමුදායක්” වෙබ් සර්වරයක් තුළ අනාරක්ෂිත ලෙස පවතින බව පසුගිය දා අනාවරණය කෙරුණු අතර මෙය ඒ පිළිබඳ පර්යේෂණ ඔස්සේ අනාවරණය කරගනු ලැබූ නවතම තත්ත්වය බවයි පැවසෙන්නේ.

පර්යේෂකයන් මෙම දත්ත සමුදායෙන් දත්ත කට්ටල 30 ක් සොයාගෙන ඇති අතර ඒ සෑම එකකම වාර්තා බිලියන 3.5 ක් දක්වා අඩංගු බව වාර්තා වෙනවා. සමාජ මාධ්‍ය සහ VPN පිවිසුම් මෙන්ම ආයතනික සහ සංවර්ධක වේදිකාවල ඇතුළත් තොරතුරු 2025 ආරම්භයේ සොයාගත් දත්තවල අන්තරගත අන්තර්ගත බව සඳහන්ය.

මෙය හුදෙක් දත්ත කාන්දුවක් පමණක් නොවන බවත් එය මහා පරිමාණ සූරාකෑමේ සැලැස්මක් බව පර්යේෂකයන් පවසා තිබෙනවා.

පර්යේෂකයින් වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ මෙම පරිමාණයේ කාන්දුවීම් ව්‍යාපාර, ගිණුම් අත්පත් කර ගැනීම් සහ ව්‍යාපාරික විද්‍යුත් තැපැල් සඳහා ප්‍රහාර එල්ල කිරීමට යොදා ගත හැකි බවයි.

Latest News

More like this

කොළඹත් එක නගරයක් විතරයි.. අයවැය පරාජය වීමෙන් ආණ්ඩුවට බලපෑමක් නෑ.

කොළඹ අයවැය පරාජය වීම ආණ්ඩුවේ ගමන් මඟට බලපෑමක් නොවන...

අයවැය පරාජය වුවද ජනවරම පරාජය වී නැහැ.. – බල්තසාර්

සති දෙකක් ඇතුළත අයවැය බලාත්මක කරනවා කොළඹ මහ නගර සභාවවේ...

ආණ්ඩුක්‍රම ව්‍යස්වස්ථා සභාව රජයේ ගමන අඩාල කිරීමට උත්සාහ කරනවා… නලින්ද චෝදනා කරයි

විගණකාධිපතිවරයා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නම් හතරක්...