ඉරාන ප්‍රහාරයකින් පසු ඊශ්‍රායලයේ බියර් ෂිවා හි මයික්‍රොසොෆ්ට් කාර්යාලය අසල ගින්නක්

ඉරාන ප්‍රහාරයකින් පසු ඊශ්‍රායලයේ බියර් ෂීවා හා හි මයික්‍රොසොෆ්ට් කාර්යාලය අසල ගින්නක් හට ගෙන ඇති බවට වාර්තා පළ වෙනවා.

ඊශ්‍රායලයේ හදිසි සේවා ඒජන්සියක් වන Magen David Adom විසින් නිකුත් කරන ලද වීඩියෝවකට අනුව මයික්‍රොසොෆ්ට් කාර්යාලය පිහිටා ඇති තාක්ෂණික උද්‍යානයක් අසල දකුණු නගරයේ වීදියක ගිනි ගැනීම් කිහිපයක් දැක ගත හැකි වුණා.

ඊශ්‍රායල පොලිසිය මේ පිළිබඳ අදහස් දක්වමින් පවසා ඇත්තේ රටේ දකුණු දිස්ත්‍රික්කයේ විවෘත ප්‍රදේශවල පතොරම් වැටීම පිළිබඳ වාර්තා ලැබී ඇති බවත් දේපළ හානි සිදුවී ඇති නමුත් ජීවිත හානි පිළිබඳ වාර්තා නොමැති බවත්ය.

ඊයේ (19) බියර් ෂීවා හි ප්‍රධාන රෝහලක් වන සොරොකා වෛද්‍ය මධ්‍යස්ථානයට ද ඉරාන ප්‍රහාරයකින් හානි සිදුව තිබුණා.

Latest News

error: Content is protected !!