වසර 10 කට පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයෙක් ශ්‍රී ලංකාවට

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ඒ අනුව එළැඹෙන 23 වැනිදා ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන ආකාරයට මහ කොමසාරිස්වරයා මෙරටට පැමිණෙන්නේ පසුගිය වසරේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ජිනීවාහිදී හමුවී සිදු කළ ආරාධනයකට අනුවයි.

මෙසේ එක්සත් ජාතික මහ කොමසාරිස්වරයකු මෙරටට පැමිණෙන්නේ වසර 10කට පසුවය.

මෙම සංචාරය අතරතුර වෝල්කර් ටර්ක් මහතා ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරිය විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පාර්ශව කිහිපයක් ද හමුවීමට නියමිතය

නිල සංචාරය අතරතුර ඔහු මහනුවර, යාපනය, ත්‍රිකුණාමලය ඇතුළු ප්‍රදේශ ගණනාවක සංචාරය කිරීමටද අපේක්ෂාා කරනවා.

මෙරට සංචාරය අතරතුර මහ කොමසාරිස්වරයා මානව හිමිකම් පිළිබඳ විශේෂ සැසි කිහිපයකටද සහභාගී වෙනවා.

Latest News

More like this

කොළඹත් එක නගරයක් විතරයි.. අයවැය පරාජය වීමෙන් ආණ්ඩුවට බලපෑමක් නෑ.

කොළඹ අයවැය පරාජය වීම ආණ්ඩුවේ ගමන් මඟට බලපෑමක් නොවන...

අයවැය පරාජය වුවද ජනවරම පරාජය වී නැහැ.. – බල්තසාර්

සති දෙකක් ඇතුළත අයවැය බලාත්මක කරනවා කොළඹ මහ නගර සභාවවේ...

ආණ්ඩුක්‍රම ව්‍යස්වස්ථා සභාව රජයේ ගමන අඩාල කිරීමට උත්සාහ කරනවා… නලින්ද චෝදනා කරයි

විගණකාධිපතිවරයා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නම් හතරක්...