තමුන්ගේ නිවසට වෙඩි තබාගත් DSI ලොක්කා අත්අඩංගුවට !

බොරැල්ල හරස් පාරේ නිවසකට ජුනි 22 අලුයම ටී 56 ගිනි අවියකින් එල්ල වූ වෙඩි ප්‍රහාර සම්බන්ධයෙන් සැකපිට එම නිවස හිමි ප්‍රකට ව්‍යාපාරිකයකු හා යුධ හමුදාවෙන් පැනගිය සෙබළකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති ව්‍යාපාරිකයා දිවයිනේ ප්‍රමුඛතම පාවහන් නිෂ්පාදන සමාගමක් වන DSI ආයතනයේ අධ්‍යක්ෂවරකි. ඔහු එම සමාගමේ කලමනාකර අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කර ඇත.

ජුනි 22 අලුයම 5.30- 5.45 මෙම වෙඩි ප්‍රහාර එල්ල වී ඇති අතර, වෙඩි ප්‍රහාර 2 ක් නිවසේ ගේට්ටුවට වැදී තිබිණ.

අදාල ව්‍යාපාරිකයා වහාම ඒ සම්බන්ධයෙන් පොලිසිය වෙත පැමිණිල්ලි කරමින්, පවුලේ ඇතැම් සාමාජිකයින් ගෙන් තමන්ට මරණිය තර්ජන එල්ලවී ඇතැයි සඳහන් කර තිබේ.

ඔහුව බිය ගැන්වීම සදහා මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවට මුලදී සැකකර ඇති පොලිසිය, තවදුරටත් සිදුකල සොයාබැලීම් වලදී අනාවරණය වී ඇත්තේ ව්‍යාපාරික ගනුදෙනු සම්බන්ධයෙන් පවුලේ ඥාතීන් අතර බරපතල ගැටුමක් පවතින බවයි.

ඒ අනුව, තවදුරටත් සිදුකළ මෙහෙයුම් වලදී මෙම වෙඩි තැබීමට යුධ හමුදාවෙන් පලාගිය සෙබළකු සම්බන්ධ බවටත්, අදාල ව්‍යාපාරිකයා විසින් ඔහුට රුපියල් ලක්ෂ 6ක මුදලක් ගෙවා ඇතිබවත් පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ. එම ගනුදෙනුව සම්බන්ධයෙන් අතරමැදියකු ලෙස කටයුතු කළ පුද්ගලයකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසියට බොරු පැමිණිලි කරමින් සැකකරු මෙවැනි වෙඩි තැබීමක් සිදුකර ඇත්තේ පවුලේ සාමාජිකයින් කිහිපදෙනෙකු අමාරුවේ දැමිමට බව මේවනවිට අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

පොලිසිය විසින් මෙම වෙඩි තැබීමට යොදාගත් ටී 56 ගිනි අවිය ද සොයාගෙන තිබේ.

– Theleader.lk

Latest News

More like this

ඉරානය නොසන්සුන් කළ ආගමික සංස්ථාව හා වෙළඳ පැලැන්තිය අතර ගැටුම

ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා අඛණ්ඩව දහතුන්වන දිනටත් සිකුරාදා පැවැත්වුණේ...

බුද්ධාගම පොතට ධර්ම චක්‍රය වෙනුවට අශෝක චක්‍රය දාලා.. විපක්ෂ නායක සජිත්

2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෙදුණු අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව...

ග්‍රීන්ලන්තය ආක්‍රමණය කළොත් ඩෙන්මාර්කයේ පළමු පියවර හෙළි කරයි

එක්සත් ජනපදය ග්‍රීන්ලන්තය ආක්‍රමණය කළහොත් සොල්දාදුවන් පළමුව වෙඩි තබා...

මහින්ද වගේ නීතිය වේවැලක් කරගන්න.. පැරණි මිතුරා විමල්ගෙන් ජනපති අනුරට පරිපාලන පාඩමක්

නියම නායකයින් නීතිය උණ ගහක් කර නොගන්නා බවත් හොඳින්...