ට්‍රම්ප්ගේ එක දුරකතන ඇමතුමකින් ඉරාන ඊශ්‍රයාල යුද්ධය නැවැත්විය හැකියි… ඉරානය කියයි

ඉරානයට එල්ල කරන ප්‍රහාර නවත්වන ලෙස එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායල නායකත්වයට නියෝග කළහොත් ඉරානය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නැවත “පහසුවෙන්” ආරම්භ කළ හැකි බව ඉරාන ජනාධිපතිධුරයට සම්බන්ධ ඉහළ නිලධාරියකු වන මජිඩ් ෆරාහානි සිකුරාදා විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කරනු ලැබූවකි.

ඉරානය සිවිල් සංවාදයක් විශ්වාස කරන බවත් එය සෘජුව හෝ වක්‍රව ද යන්න වැදගත් නොවන බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

එමෙන්ම රාජ්‍ය තාන්ත්‍රිකයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඊශ්‍රායලයට ලබා දෙන එක දුරකතන ඇමතුමකින් ජනාධිපති ට්‍රම්ප්ට පහසුවෙන් යුද්ධය නැවැත්වීමේ හැකියාව ඇති බවයි.

ඉරානයේ මීට පෙර ස්ථාවරය වූයේ ඉරානයට කරන ඊශ්‍රායල පහර දීම් අතරතුර සාකච්ඡා පැවැත්විය නොහැකිය යන්නයි. සාකච්ඡා සාමය අරමුණු කරගත්තක් විය යුතු අතර එයට ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙල දියුණු කිරීම අදාළ කර නොගත යුතු බව ඉරානයේ ස්ථාවරය වුණා.

Latest News

More like this

කොළඹත් එක නගරයක් විතරයි.. අයවැය පරාජය වීමෙන් ආණ්ඩුවට බලපෑමක් නෑ.

කොළඹ අයවැය පරාජය වීම ආණ්ඩුවේ ගමන් මඟට බලපෑමක් නොවන...

අයවැය පරාජය වුවද ජනවරම පරාජය වී නැහැ.. – බල්තසාර්

සති දෙකක් ඇතුළත අයවැය බලාත්මක කරනවා කොළඹ මහ නගර සභාවවේ...

ආණ්ඩුක්‍රම ව්‍යස්වස්ථා සභාව රජයේ ගමන අඩාල කිරීමට උත්සාහ කරනවා… නලින්ද චෝදනා කරයි

විගණකාධිපතිවරයා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නම් හතරක්...