Sugaගේ පැමිණීමෙන් යළි එක් වූ BTS…

ගෝලීය වශයෙන් ප්‍රසිද්ධ K-pop කණ්ඩායමක් වන BTS හි සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් රැප් ගායක Min Yoongi හෙවත් Suga දකුණු කොරියාවේ අනිවාර්ය හමුදා සේවයෙන් නිල වශයෙන් නිදහස් කෙරුණා.

ඒ කණ්ඩායමේ සාමාජිකයන් හත් දෙනාගෙන් හමුදා සේවය අවසන් කළ අවසානම සාමාජිකයා ලෙසයි. එහෙත් පසුගිය දා සේවයෙන් නිදහස් වූ අනෙක් සාමාජිකයන් පිළිගැනීම වෙනුවෙන් සූදානම් කර තිබුණු නිල උත්සව කිසිවක් ඔහු වෙනුවෙන් සංවිධානය වී තිබුණේ නැහැ.

පාලනය කළ නොහැකි ප්‍රේක්ෂක තදබදය පිළිබඳ කණස්සල්ල හේතුවෙන් උත්සවය නොපැවැත්වීමට තීරණය කළ බව BTS හි කළමනාකරණ ආයතනය වන Big Hit Entertainment ආයතනය පවසා තිබෙනවා.

පසුගිය සතියේ BTS සුපිරි තරු වන RM සහ V ඔවුන්ගේ අනිවාර්ය සේවය ඉටු කිරීමෙන් පසු දකුණු කොරියාවේ හමුදාවෙන් මේ ආකාරයෙන්ම නිදහස් වී පැමිණියා. Jimin සහ Jung kook නිදහස් කෙරුණේ ඉන් දිනකට පසුවය. ඔවුන් සිව් දෙනාම හමුදා සේවයට එක් වුණේ 2023 දෙසැම්බර් මාසයේදීය.

කණ්ඩායමේ සාමාජිකයින් හත් දෙනාගෙන් හය දෙනෙකු හමුදාවේ සේවය කළ අතර Suga කටයුතු කළේ විකල්ප හමුදා සේවයේ සමාජ සේවා නියෝජිතයෙකු ලෙසය.

BTS හි පැරණිතම සාමාජිකයා වන Jin 2024 ජුනි මාසයේදී හමුදා සේවයෙන් නිදහස් කෙරුණු අතර J-Hope ඔක්තෝබර් මාසයේදී සේවයෙන් නිදහස් කෙරුණා.

Latest News

More like this

තාත්තා වගේම මමත් සම්මානවලට කැමතියි.. ඒත් මේක අම්මාට..

පසුගිය සතියේ පැවැත්වුණු NDTV Indian of the Year 2025...

වසර 15කට පසු අමීර් කරීනා සමඟ 3 Idiots-2 රූගත කෙරේ

2009 වසරේ දී ලෝකය පුරා ජනප්‍රිය වූ 3 Idiots...

සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් ලැබූ වසර මේ වසරයි… ජනපතිගෙනුත් සහයෝගය….

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින්...