සූරියප්පෙරුමගේ පුරප්පාඩුව පිළිබඳව මැතිවරණ කොමිසමට දැනුම් දෙයි

මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සුරියප්පෙරුම මහතා ඉල්ලා අස්වීමත් සමඟ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වුණා.

මේ පිළිබඳ පාර්ලිමේන්තු මහ ලේකම් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා.

සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවට පත් කෙරුණේ එම පක්ෂයේ ජාතික ලැයිස්තුවෙනි.

මේ අනුව කොමිසමේ දැනුම්දීමෙන් ජාතික ජන බලවේගය විසින් පුරප්පාඩු මන්ත්‍රීධුරය සඳහා පුද්ගල නාමයක් යෝජනා කිරීමට නියමිතය.

අනතුරුව එම පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂම් සභාව විසින් නිකුත් කරනු ලබනවා.

Latest News

error: Content is protected !!