ඉරානයේ න්‍යෂ්ඨික මධ්‍යස්ථාන තුනකට පහර දෙමින් ඉරාන ඊශ්‍රායල යුද්ධයට ඇමරිකාව නිල වශයෙන් මැදිහත් වෙයි

දිගුකාලීන සතුරෙකු දුර්වල කිරීම සඳහා අවදානම් සහගත ලෙස ඊශ්‍රායලය දරන උත්සාහයට සෘජුවම සම්බන්ධ වෙමින් එක්සත් ජනපදය ඉරානයේ න්‍යෂ්ඨික පහසුකම් තුනකට පහර දුන් බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙය ඉරාන සහ ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව නිල වශයෙන් මැදිහත් වූ අවස්ථාව ලෙස සැලකිය හැකිය.

“අප ඉරානයේ න්‍යෂ්ඨික මධ්‍යස්ථානවලට සාර්ථක ප්‍රහාරයක් එල්ල කළා. ෆොර්ඩොව්, නටාන්ස් සහ ඇස්ෆහාන් ඇතුළු ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනට එල්ල කළ ප්‍රහාරය සාර්ථකව අවසන් කීරිමට අපට හැකි වුණා.” ට්‍රම්ප් Truth සමාජ මාධ්‍ය අවකාශයේ දැමූ සටහනක සඳහන් වුණා.

“සියලුම ගුවන් යානා දැන් ඉරාන ගුවන් සීමාවෙන් පිටත පවතී. සම්පූර්ණ බෝම්බ තොගයක් ඔවුගේ ෆොර්ඩොව් හි මූලික මධ්‍යස්ථානයට එල්ල කළා. සියලුම ගුවන් යානා ආරක්ෂිතව ආපසු ගෙදර යමින් තිබෙනවා.” ප්‍රහාරයෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය අමතමින් කතාවක් සිදු කර තිබෙනවා.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ සිට කළ ප්‍රකාශයෙන් ඉරාන න්‍යෂ්ඨික මධ්‍යස්ථාන තුනකට එල්ල කළ ඇමරිකානු හමුදා ප්‍රහාර “විශිෂ්ට මිලිටරි සාර්ථකත්වයක්” ලෙස විස්තර කරනු ලැබුවා.

ඉරාන ඊශ්‍රයාල යුධ ගැටුමට මෙම ඇමරිකානු අත පෙවීම සිදුවූයේ ඇමරිකාව මැදිහත් වුවහොත් අනිවාර්යෙන් පහර දෙන බවට ඉරාන තර්ජන මධ්‍යයේය. එක්සත් ජනපදය සිය න්‍යෂ්ඨික මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කළ බව ඉරානය පිළිගනු ලැබුවද ප්‍රහාර බරපතල නොවන බවයි සඳහන් කර ඇත්තේ.

ඉරානයේ න්‍යෂ්ටික ඒජන්සිය එරට න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට එල්ල කරන ලද එක්සත් ජනපද ප්‍රහාර හෙළා දැක ඇති අතර එහි න්‍යෂ්ටික වැඩසටහන “කිසි විටෙකත් නතර නොකරන” බවට ප්‍රතිඥා දී ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Latest News

More like this

අධිවේගයේ බස් රථවල මගීන්ට ආසන බඳ පටි පැළඳීම අනිවාර්ය කෙරේ

එළැඹෙන සැප්තැම්බර් මාසයේ මුල සිට අධිවේගී මාර්ගවල ධාවනය වන...

යෝජිත විදුලි පනත සම්මතයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් හා ජනමත විචාරණයක් අවශ්‍යයි

යෝජිත විදුලි බල පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට...

එජා මානව හිමිකම් මහ කොමසාරිස්ට වැරදීමක්.. සමලිංගික විවාහ නීති ගත කරන පනත් කෙටුම්පතක් ගෙනත් නැහැ..

ශ්‍රී ලංකාවේ සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා පනත් කෙටුම්පතක්...

චීන වවුලගෙන් පැතිරෙන බ්‍රෑන්ඩ් නිව් වෛරස 20ක් සොයාගනී

චීනයේ වවුලන්ගේ වකුගඩු ආශ්‍රිතව කරනු ලැබූ පර්යේෂණයකින් මිනිසුන්ට ආසාදනය...
error: Content is protected !!