න්‍යෂ්ටික මධ්‍ය්ස්ථානවලට පහර දීම එක්සත් ජාතීන්ගේ ප්‍රතිඥ්පතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක්..

ඉරානයේ ෆෝඩෝව්, නටාන්ස් සහ ඇස්ෆහාන් හි න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කළ ඇමරිකානු ප්‍රහාර එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය ‘බරපතල ලෙස උල්ලංඝනය කිරීමක්’ බව ප්‍රකාශ කරමින් ඉරාන විදේශ අමාත්‍ය සෙයිද් අබ්බාස් අරග්චි ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

ඉරාන විදේශ අමාත්‍යවරයා X ඔස්සේ නිවේදනය කරනු ලැබූ පණිවිඩයෙන් පවසන්නේ එය සදාකාලික ප්‍රතිවිපාක ඇති කරන්නක් බවයි.

ඉරානයේ නීත්‍යානුකූල ප්‍රතිචාරය නුදුරේම ලබා දෙනු ඇති බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

මෙම අතිශය භයානක, නීති විරෝධී සහ සාපරාධී හැසිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සෑම සාමාජිකයෙකුම කණස්සල්ලට පත් විය යුතු බව ඔහු ගේ X ප්‍රකාශයෙහි සඳහන්ය.

ඉරිදා අලුයම ඉරානයේ ෆොර්ඩොව්, නටාන්ස් සහ ඇස්ෆහාන් න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට පහර දුන් බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ Truth සමාජ මාධ්‍ය ගිණුමෙන් ප්‍රකාශ කළ අතර පසුව ජනාධිපතිවරයා ධවල මන්දිරයේ සිට ජාතිය අමතමින් කළ කතාවේදී ප්‍රහාරය සාර්ථක බවත් න්‍යෂ්ටික මධ්‍යස්ථාන මුළුමනින්ම විනාශ කරන ප්‍රහාරයක් එල්ල කළ බවයි සඳහන් කරනු ලැබුවේ.

Latest News

More like this

කොළඹත් එක නගරයක් විතරයි.. අයවැය පරාජය වීමෙන් ආණ්ඩුවට බලපෑමක් නෑ.

කොළඹ අයවැය පරාජය වීම ආණ්ඩුවේ ගමන් මඟට බලපෑමක් නොවන...

අයවැය පරාජය වුවද ජනවරම පරාජය වී නැහැ.. – බල්තසාර්

සති දෙකක් ඇතුළත අයවැය බලාත්මක කරනවා කොළඹ මහ නගර සභාවවේ...

ආණ්ඩුක්‍රම ව්‍යස්වස්ථා සභාව රජයේ ගමන අඩාල කිරීමට උත්සාහ කරනවා… නලින්ද චෝදනා කරයි

විගණකාධිපතිවරයා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නම් හතරක්...