සිරිලිය යළි මතුවේ

මේ වන විට වසා තබා ඇති සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් වූ නඩුකරය නැවත විභාගයට ගැනීමට අවශ්‍ය කටයුතු ආරම්භ කරන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මහතා පාර්ලිමේන්තුවේදී පවසා තිබෙනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කර ආකාරයට මේ වන විට සිරිලිය බැංකු ගිණුම අක්‍රීයව පවතී.

එම ගිණුම ආරම්භ කිරීමේදී පිරිවිය යුතු අයදුම්පත බැංකුවෙන් මේවන විට අස්ථානගත වී ඇතැයි ද ඇමතිවරයා කියා සිටියා.

අත්හිටුවන විට එම ගිණුමේ පැවති ශේෂය රුපියල් මිලියන 44කි. ගිණුමේ රුපියල් අටකෝටි විසිනව ලක්ෂයකට අධික මුදලක් තැන්පත් කර තිබූ බවද ඉන් රුපියල් තුන්කෝටි අනූ ලක්ෂ පහළොස් දහසක මුදලක් ඉවත් කරගෙන ඇති බවද ඇමතිවරයා සඳහන් කළා.

තවද ලක්ෂ සියයක ස්ථාවර තැන්පතුවක්ද සිරිලිය නමින් තැන්පත් කර ඇතැයි ඇමතිවරයා සඳහන් කර සිටියා.

Latest News

More like this

කොළඹත් එක නගරයක් විතරයි.. අයවැය පරාජය වීමෙන් ආණ්ඩුවට බලපෑමක් නෑ.

කොළඹ අයවැය පරාජය වීම ආණ්ඩුවේ ගමන් මඟට බලපෑමක් නොවන...

අයවැය පරාජය වුවද ජනවරම පරාජය වී නැහැ.. – බල්තසාර්

සති දෙකක් ඇතුළත අයවැය බලාත්මක කරනවා කොළඹ මහ නගර සභාවවේ...

ආණ්ඩුක්‍රම ව්‍යස්වස්ථා සභාව රජයේ ගමන අඩාල කිරීමට උත්සාහ කරනවා… නලින්ද චෝදනා කරයි

විගණකාධිපතිවරයා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නම් හතරක්...