මුහම්ම්ද් නබිතුමන්ට කාටුනයකින් අපහාස කළ තුර්කියේ මාධ්‍යවේදීන් සිව් දෙනෙක් අත්අඩංගුවට

මාධ්‍ය මර්දනය සම්බන්ධයෙන් කලු පැල්ලම් සහිත ඉතිහාසයක් ඇති තුර්කිය එරට දිගු කලක් තිස්සේ ක්‍රියාත්මක වූ උපහාසාත්මක සඟරාවක් වන LeMan සඟරාවේ මාධ්‍යවේදීන් සිව් දෙනෙකු නිර්දය ලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මුස්ලිම් ආගමික ඉතිහාසයේ වඩාත් පූජනීය ආගමික නායකයින් දෙදෙනෙකු වන මෝසෙස් සහ මුහම්මද් නබිතුමන් නිරූපනය කරමින් ප්‍රකාශයට පත් කළ කාටුන් නිර්මාණයක් හේතුවෙන් බවයි වාර්තා වන්නේ. මෝසෙස් යුදෙව්, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගම්වල අනාගතවක්තෘවරයෙකු ලෙස සලකනු ලබන අතර, මුහම්මද් නබිතුමන් ඉස්ලාමයේ නිර්මාතෘය.

LeMan සඟරාවේ මෙම කාටුනය පුළුල් මහජන ප්‍රකෝපයකට හේතු වී ඇති බව සඳහන් වෙනවා. අත්අඩංගුවට පත් මාධ්‍යවේදීන් සිව් දෙනා අතර එක් අයෙකු කාටුන් ශිල්පී ඩොගන් පෙහ්ලෙවන් ලෙස හඳුනාගෙන ඇති බව සඳහන්ය.

අනෙක් පුද්ගලයින් අතර ග්‍රැෆික් නිර්මාණකරුවෙකු, සඟරාවේ ප්‍රධාන කර්තෘ සහ සඟරාවේ ආයතනික අධ්‍යක්ෂවයා ඇතුළත් බව පැවසෙනවා. තුර්කි රජය සහ ගතානුගතික ආගමික අදහන්නන් විසින් ආගමික වටිනාකම් අපහාස කළ බවට චෝදනා කරමින් සඟරාවේ කාටුනය දැඩි ලෙස හෙළා දැක තිබෙනවා.

ආන්දෝලනාත්මක කාටුනය මඟින් විස්තර කර තිබුණේ පහළින් මිසයිල වර්ෂාවක් ඇද හැලෙද්දී රැවුල් සහ පියාපත් සහිත රූප දෙකක් වලාකුළු අතරේ අතට අත දෙන ආකාරයයි. එය පෘථිවිය මත සිදුවන ප්‍රචණ්ඩත්වයට වෙනස්ව ආගමික සමගිය පිළිබඳ පුළුල් විවරණයක් බව පෙනී යන්නකි.

තුර්කි දණ්ඩ නීති සංග්‍රහයේ 216 වන වගන්තිය යටතේ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සඳහන් වන අතර අය අපරාධ වරදක් ලෙස අර්ථ දක්වා තිබෙන්නකි. මානව හිමිකම් උපදේශකයින් විසින් නීතිය පුළුල් ලෙස විවේචනය කරමින් එය විසම්මුතිය නිහඬ කිරීමට බොහෝ විට භාවිතා කරන මෙවලමක් ලෙසයි පෙන්වා දී ඇත්තේ.

කෙසේ වෙතත් සඟරාව කාටුනයේ තමන්ගේ අභිප්‍රාය වැරදි ලෙස අර්ථගැන්වීමක් ලෙස පවසමින් මහජන විරෝධය ප්‍රතික්ෂේප කර ඇති අතර සිය කණගාටුවද ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙනවා. තුර්කිය මාධ්‍ය නිදහස සීමා කිරීම සම්බන්ධයෙන් දිගු කලක් තිස්සේ විවේචනයට ලක්වන රටකි. දේශසීමා නොමැති වාර්තාකරුවන් විසින් ප්‍රකාශයට පත් කරන ලද 2024 ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයේ රටවල් 180 ක් අතර තුර්කිය පසුවන්නේ 158 වන ස්ථානයේය.

Latest News

More like this

පෙම්වතා බේරාගැනීමට ගොස් වියානා ඇළට බිලි වූ සරසවි සිසුවිය

ජීවිතය තණ අග පිනි බිඳුවක් යැයි හොඳින්ම දැන සිටියද...

ඩඩ්ලිගේ හෝටලය අයින් කරනවද කියලා බලාගෙන ඉමු.. චරිත්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අමාත්‍ය ධුරය දරණ වකවානුවේ...

රුසියාවේ WhatsApp තහනමක්.. ඒ වෙනුවට Max ආදේශ කරයි..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විදේශීය පණිවිඩ යෙදුම් සහ මෘදුකාංග...

නිලන්ත ජයවර්ධනට මරණ දඬුවම දිය යුතුයි.. කතෝලික සභාව දැඩි මතයක

පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර ලැබුණු බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් කඩිනම්...
error: Content is protected !!