සාරා සහ ආදිත්‍ය රෝයි කපූර්ගේ මෙට්‍රෝ දුම්රිය ගමන

ආදිත්‍ය රෝයි කපූර් හා සාරා අලි ඛාන් රංගනයෙන් දායකවන ‘Metro in Dino’ චිත්‍රපටය නිකුත් වීමට දින කිහිපයක් ඉතිරිව තිබියදී ආදිත්‍ය හා සාරා මුම්බායි හි මෙට්‍රෝ දුම්රියක ගමන් ගෙන තිබුණේ මෙසේය.

චිත්‍රපටයේ ප්‍රවර්ධන වැඩසටහනකට අනුව මෙම මෙට්‍රෝ ගමන සංවිධානය කර තිබුණු අතර එය ඔවුන්ගේ රසිකයන් පුදුමයට පත් කරන්නක් වුණා.

ඔවුන් දුම්රියේ එක ළඟ වාඩි වී සෙල්ෆි ගනිමින් එම අවස්ථාව විඳගන්නා අතරතුරේ ඔවුන්ට වඩාත් ආදරය කරන රසිකයින්ද ඊට එක්වන අයුරු දැකගත හැකි වුණා.

Metro in Dino චිත්‍රපටයේ ප්‍රවර්ධනය ආරම්භ කළ දින සිට ඔවුන් මේ ආකාරයට ප්‍රසිද්ධ ස්ථානවල පෙනී සිටි නිසාම ඊට හොඳ ප්‍රතිචාර ලැබෙමින් තිබෙනවා.

මෙය ඇත්තටම වෙනස් ප්‍රවර්ධන උපක්‍රමයක් වූ අතර පසුගිය දා සියල්ලන් පුදුම කරමින් ඔවුන් දෙදෙනා පෙනී සිටියේ කොල්කටාවේය.

සෞරව් ගංගුලීගේ නිවසේ මෙන්ම කොල්කටාවේ ප්‍රසිද්ධ කුලී රථ අසලද ඔවුන්ගේ පෙනී සිටීම නිසා චිත්‍රපටයට විශාල ප්‍රතිචාර ලැබෙමින් තිබෙනවා.

විශේෂයෙන් චිත්‍රපටය නිසා ආදිත්‍ය රෝයි පුවත් මවන්නෙකු බවට පත් වීම ද විශේෂත්වයකි. ඒ ඔහුගේ රංගනයට අමතරව ගායන හැකියාවද මතු කරමිනි.

චිත්‍රපටයේ “ඉෂ්ක් හේ යා තාරක්” ගයන්නේ ඔහු විසින්. මෙය චිත්‍රපටයක ඔහුගේ පළමු නිල ගායනයයි.

අනුරාග් බාසු, පන්කජ් ත්‍රිපාති විසින් අධ්‍යක්ෂණය කරන ලද Metro in Dino චිත්‍රපටය 2025 ජූලි 4 වන දින සිනමාහල්වල තිරගත වීමට නියමිතය.

Latest News

More like this

නිවස තුළ පීඩනය දරාගත නොහැකිව හඬා වැටුණ තනුශ්‍රී

2018 වසරේ දී බොලිවුඩයේ #MeToo ව්‍යාපාරය නැගී ආ සමයේ...

චිත්‍රපට තිර, රොබෝ වේටර්වරු සහිත ඊලෝන් මස්ක්ගේ ටෙස්ලා අවන්හල විවෘත වේ

ප්‍රකෝටිපති බිලියනයකු වන ඊලොන් මස්ක්ගේ ටෙස්ලා සමාගම විසින් එක්සත්...

පිරිමි අඩුවීම හමුවේ දීග යන වයසේ දුප්පත් කෙල්ලෝ අර්බුදයකට

මෙරට පිරිමි ජනගහණය අඩුවීම හමුවේ ක්ෂේත්‍ර ගණනාවක් අර්බුදයට යනු...

සැඟවී ගිය එකගෙයි කෑමේ චාරිත්‍රයට පණ දුන් අයිය මළෝ දෙන්නා…

ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ්හි කුඩා කොටසක පැවති 'හට්ටි' බහුපුරුෂ විවාහ...
error: Content is protected !!