IMF සිව්වැනි වාරිකයට අනුමැතිය දෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබ ඇති විස්තීර්ණ ණය පහසුකමට අදාළ සිව්වන සමාලෝචනය සඳහා අනුමැතිය හිමිව ඇති බව වාර්තා වෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ඒ සඳහා වන අනුමැතිය ඊයේ (ජූලි 1) ලබා දී තිබෙනවා.

මාස 48ක් සඳහා ක්‍රියාත්මක ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමට අදාළ සිව්වන වාරිකය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 350ක පමණ මුදලක් ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත ය.

ඒ අනුව, මෙම විස්තීර්ණ ණය පහසුකම යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලංකාවට ලබා දී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 1.74කි.

Latest News

error: Content is protected !!