AliExpress සහ අනෙකුත් මාර්ගගත පාර්සල් ආනයන සඳහා රජය නව බද්දක් පනවා ඇති බවට වැඩිවෙමින් පවතින මහජන කණසල්ල සම්බන්ධයෙන් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රතිචාර දක්වා තිබෙනවා.
එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රජය නව බද්දක් හඳුන්වා දී නොමැති බවත්, විනිවිදභාවය සහතික කිරීම සහ අනිසි භාවිතය වැළැක්වීම සඳහා තනි භාණ්ඩ ආනයනය සඳහා පවතින බදු ගණනය කිරීමේ ක්‍රමය සංශෝධනය කර ඇති බවත්ය.
මීට පෙර කිලෝග්‍රෑම් එකක් බරැති පාර්සල් සඳහා රු.800 ක බද්දක් පනවා තිබූ අතර එම වටිනාකමකට වඩා අඩු ප්‍රකාශිත අයිතම සඳහා කිසිසේත් බදු අය අයකිරීමක් සිදු වූයේ නැහැ.
කෙසේ වෙතත් බදු රහිත සීමාව අනිසි ලෙස භාවිතා කිරීම විවිධාකාරයෙන් අවභාවිත කිරීම් සිදු වූ බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසනවා.
සංශෝධිත ක්‍රමය යටතේ රේගු බදු දැන් ගණනය කරනු ලබන්නේ නිෂ්පාදනයේ HS කේතය මත පදනම්ව වන අතර එය පාර්සලයේ බර මත රඳා නොපවතී.
අධ්‍යාපනික හෝ පර්යේෂණ උපකරණද මෙම බදුවලට අයත්වන බවට වන චෝදනාව පිළිගන්නා බවත් එවැනි අවස්ථා තාවකාලික බවයි ඔහු පෙන්වා දෙන්නේ. අධ්‍යයන හා විද්‍යාත්මක උපකරණ සඳහා නියාමන නිදහස් කිරීම් ස්ථාපිත කිරීමට රජය කටයුතු කරන බව ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.