25 හැවිරිදි තරුණියකගේ ගෙල කපා සිදු කළ මහා අපරාධය..

මැණික් ඔපදමන්නියක ලෙස පෞද්ගලික ආයතනයක සේවය කළ විසිපස් හැවිරිදි තරුණියකගේ ගෙල කපා ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා.

ඇයව ඝාතනය කර ඇය පැළඳ සිටි පවුමක් බරැති රන් මාලය සහ ඇගේ ජංගම දුරකතනයද පැහැරගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඝාතනය වූ තරුණියන් කුරුවිට හේන්‍ යායේ පදිංචි දෙවියාගල ලියන ආරච්චිලාගේ ශානිකා මධුෂානි නම් තරුණියකි.

ඇය කුරුවිට ප්‍රදේශයේ මැණික් ඔපදමන ආයතනය සේවය කරන්නියකි. පසු ගිය 02 වැනිදා ඇය සේවය නිමකර කුරුවිට නගරයේදී ත්‍රී රෝද රථයක නැගී දොඩම් ඇල්ල නමින් හැඳින්වෙන ස්ථානයේදී එයින් බැස පා ගමනින් නිවස බලා යන අතරවාරයේදී මෙම සිදුවීමට මුහුණ දී තිබෙනවා.

දියණිය නිවසට එයෙන් ප්‍රමාද වූ නිසා ඇගේ පියා වන ඒ. එල්. ධර්මදාස මහතා ඇය සොයා පැමිණ ඇති බවයි පොලිසිය පවසන්නේ.

පසුව එම මාර්ගය වෙළඳ සැලක හිමිකරුගෙන් දියණිය පිළිබඳ විමසූ අවස්ථාවේදී මුරුක්කු මිලදී ගෙන පිටව ගිය බව පවසා තිබෙනවා.

පසුව පියා සැකයක් මත එම මාර්ගය අවට සෝදිසි කරමින් පැමිණෙන අවස්ථාවේදී වෙළඳසැලේ සිට මීටර් 450ක් පමණ දුරින් මාර්ගයේ අයිනේ සිය දියණිය ලේ ගලන තුවාල සහිතව වැටී සිටින ආකාරය දැක ඇති බව පැවසෙනවා.

ඇය වහාම රත්නපුර රෝහල වෙත රැගෙන ගොස් ඇතත් වෛද්‍යවරු ඇය පරීක්ෂා කර බලා මිය ගොස් ඇති බව දැනුම් දී ඇතැයි පොලිසිය පවසනවා.

තරුණියගේ කෙළ කපා ඝාතනය කළ රන්මාලය හා ජංගම දුරකථනය පැහැරගෙන පලා ගිය අය ගැන තවමත් කිසිදු තොරතුරක් වාර්තා වී නැහැ.

කුරුවිට පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු පරීක්ෂණ සිදු කරනු ලබනවා.

Latest News

More like this

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක ණය සහන පැකේජයක්… ණය ඩො. මිලියන 350යි, සහනය ඩො. මිලියන 100යි

'දිට්වා' සුළි කුණාටුවෙන් හානි සිදු වූ ප්‍රදේශ යළි ගොඩනැගීම...

පරාජය වුණේ අයවැය නෙවෙයි.. හෘද සාක්ෂිය.. කොළඹ පුරපතිනිය කියයි..

පරාජය වුණු කොළඹට මාළිමාවෙන් තවත් අයවැයක්? කොළඹ මහ නගර සභාවේ...

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...