සුජීව සේනසිංහ V8 එක ගැන පරීක්ෂණවලදී ප්‍රකාශයක් ලබාදීම හයවතාවක් මඟ ඇරලා

නීති විරෝධීව එක්ලස් කළා යයි චෝදනා එල්ල වී ඇති V8 වර්ගයේ මෝටර් රථය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවලට අදාළ ප්‍රකාශයක් ලබා දීම සුජීව සේනසිංහ මහතා විසින් අවස්ථා හයකදීම මඟ හැර ඇතැයි රජයේ නීතිඥ ශක්ති ජාගොඩ ආරච්චි මහතා කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය හමුවේ ඊයේ (03) දැනුම් දී තිබෙනවා.

කොල්ලුපිටිය ඔහු පදිංචිව සිටින නිවසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අවස්ථා ගණනාවකදී ගොස් ඇතත් නිවෙස ඉබි යතුරු දමා තිබූ බව ඔහු අධිකරණයට දැනුම් දී සිටියා.

දිගින් දිගටම විමර්ශනයට සහාය නොදෙන්නේ නම් සුජීව සේනසිංහ මහතා සැකකරුවකු ලෙස නම්කර අත්අඩංගුවට ගත හැකි බවද ඒ මහතා සඳහන් කළා.

ඔහු මේ බව සඳහන් කළේ සුජීව සේනසිංහ මහතාට එරෙහිව ඇති මෙම නඩුව ඊයේ (03) දිනයේ කැඳවූ අවස්ථාවේදීය.

එහිදී සුජීව සේනසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුව හෙට්ටි මහතා කියා සිටියේ තම සේවා දායකයා මේ වන විට විදේශගතව අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබන බවයි.

එබැවින් සති දෙකක කාලයකින් පසුව නඩුව කැඳවන ලෙස ඒ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එහිදී රජයේ නීතිඥවරයා පැවසුවේ තමන්ට නඩුකරණය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට අවශ්‍ය බවය.

ඊට විරෝධය පළකර ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා කියා සිටියේ සේවා දායකයා විවෘත අධිකරණයේ නොමැති අවස්ථාවක කරුණු දැක්වීම යුක්ති සහගත නොවනන බවයි.

තමන්ට උපදෙස් ලබා ගැනීමට නොහැකි බැවින් සහ මේ වන විටත් නඩු පවරා ඇති බැවින් කළ යුතු වන්නේ චෝදනා පත්‍රය භාරදී වරදකරුද නිවැරදිකර ද යන්න විමසා සිටීම පමණක් බව ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දී තිබුණා.

එම විරෝධතාවය නොසලකා රජයේ නීතිඥවරයාට කරුණු දැක්වීමට අවසර ලබාදුන් මහේස්ත්‍රාත්වරිය සැකකාර සුජීව සේනසිංහ යන අය ලබන 16 අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් එදිනට වෛද්‍ය සහතික ඉදිරිපත් කරන ලෙසටත් නියෝග කර තිබෙනවා.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...

ගුරුවරයෙක් වෙන්න නම් අධ්‍යාපන සභාවේ බලපත්‍රය අනිවාර්යයි

ගුරු වෘත්තියට පිවිසීම සඳහා ඉදිරියේදී අධ්‍යාපන සභාවේ ලියාපදිංචි වී...
error: Content is protected !!