ට්‍රම්ප් ‘බිග් බියුටිෆුල් පනත’ට අත්සන් තබයි

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිකුරාදා (ජූලි 4) ආන්දෝලනාත්මක පනත් කෙටුම්පත වන ‘බිග් බියුටිෆුල් පනතට’ අත්සන් තබා තිබෙනවා.

ඒ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඡන්ද විමසුමෙන් පනත සම්මත වීමෙන් අනතුරුවය.

සිකුරාදා දහවල් ධවල මන්දිරයේ පැවති අත්සන් තැබීමේ උත්සවය බදු කප්පාදු, ආරක්ෂක වියදම් වැඩි කිරීම් සහ සංක්‍රමණ මර්දනය ඇතුළු ට්‍රම්ප් න්‍යාය පත්‍රයේ ප්‍රධාන කොටස් බලාත්මක කරනු ලබන්නකි.

ඇමරිකානු ආර්ථිකයට දැවැන්ත වර්ධනයක් සහ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සලකනු ලැබුවද මත විමසුම්වලින් පෙනී යන ආකාරයට ඇමරිකානුවන්ගෙන් බොහෝ දෙනෙක් පනතට විරුද්ධ බවයි පැවසෙන්නේ.

ඇමරිකානු සෞඛ්‍ය සේවා සහ ආරක්ෂක ජාල පද්ධතියේ කොටසක් කපා හැරීම ඊට හේතුවයි.

වාර්තාවන ආකාරයට මිලියන 12කට අධික පිරිසකට එමඟින් සෞඛ්‍ය ආරක්ෂණය කප්පාදු වන බව සඳහන් ය.

Latest News

More like this

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක ණය සහන පැකේජයක්… ණය ඩො. මිලියන 350යි, සහනය ඩො. මිලියන 100යි

'දිට්වා' සුළි කුණාටුවෙන් හානි සිදු වූ ප්‍රදේශ යළි ගොඩනැගීම...

පරාජය වුණේ අයවැය නෙවෙයි.. හෘද සාක්ෂිය.. කොළඹ පුරපතිනිය කියයි..

පරාජය වුණු කොළඹට මාළිමාවෙන් තවත් අයවැයක්? කොළඹ මහ නගර සභාවේ...

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...